GMOA හෙට සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක !

0
449

හෙට (21) උදෑසන 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ ගැටළු විසඳීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේදී අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනයේ ද දිස්ත්‍රික්ක 05ක් තුළ වැඩ වර්ජනයක් පවත්වාගෙන යයි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here