Ryan Reynolds ගේ ඇස ගැටුණු සුන්දර හික්කඩුව!

Date:

Ryan Rodney Reynolds යනු 1976 වසරෙහි උපත ලද කැනේඩියානු සහ ඇමරිකානු ආභාෂය ලත් රංඟනශිල්පියෙකි. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භකළේ කැනේඩියානු teen soap opera Hillside (1991-1993) යෙනි. ටූ ගයිස් ඇන්ඩ් අ ගර්ල් හි ප්‍රධාන භූමිකාවට පැමිණීමට පෙර සුළු චරිත නිරූපණය කළ මොහු අද වන විට ලොවක් දන්නා චරිතයකි.

Ryan මෑතකදී ලංකාව ගැන මතක් කිරීමට ද අමතක නොකළේය. ඒ ශ්‍රී ලංකාවේ හික්කඩුව ප්‍රදේශය තමාගේ ප්‍රියතම චිත්‍රපට රූගත කිරීම් ස්ථානය වන බව පසක් කර දෙමිනි. ඉකුත් සෙනසුරාදා ලන්ඩනයේ පැවති රූපවාහිනී වැඩසටහනකට පිළිතුරු දෙමින් හොලිවුඩ් නළු Ryan 1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ රූ ගත කළ ඔහුගේ පළමු චිත්‍රපටය වන “Ordinary Magic” ගැන පවසමින් මේ පිළිබඳ සඳහන් කර තිබුණි.

ඇත්ත වශයෙන්ම හික්කඩුව කියන්නේ මනරම් භූමියක් කීවොත් මා නිවැරදිය. මුහුදු හුළඟත් සමඟ එන සුවඳ, මුහුදු පතුළේ කොරල් පර, ධීවර සුවඳ ගලායමින් හවායි හැඟීමක් විදේශිකයෙක්ට ලබා දෙන හරි ලස්සන ස්වභාව සෞන්දර්‍යයෙන් අගතැන් වූ හික්කඩුව ගැන මෙලෙස Ryan පැවසීමෙන් අපේ රටට කාගේත් ඇස ගැටෙනවා නොඅනුමාන ය.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...