15 වනදා වෙනකොට රටම අඩපණ කරනවා. රට වැහෙන තැනට වැඩවර්ජන කරනවා – GMOA ඇතුළු සමිති (VIDEO)

Date:

මාර්තු 15 වනදා වනවිට මුළු රටම වසා දැමෙන තත්වයක් දක්වා ගමන් කෙරෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තමන් ඇතුළු වෘත්තීය සමිති 40ක් තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසයි.

“අද දවසේ අපි තීරණය කළා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් 9 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරන්න. වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ ඉන්න බහුතරයක් වෘත්තීය සමිති 13 වෙනිදායින් පස්සේ – ඒ කියන්නෙ 9 වෙනිදා ආරම්භ වෙනවා වැඩවර්ජන ක්‍රියාමාර්ග – 13 වෙනිදායින් පස්සේ මේ ක්ෂේත්‍ර 15ක් නියෝජනය කරන සමස්ත වෘත්තීය සමිති 40 ම ඉතාම තීරණාත්මක ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා 15 වෙනිදා වෙනකොට මේ රටම අඩපණ කරන, මේ රටම වැහෙන තැනට ගමන් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල උච්ඡතම තැනට ගමන් කළ යුතුයි කියලා තීරණය කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියටත් 13 වෙනිදා ඉඳන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ වීමටත් තීරණය කරලා තියෙනවා”

හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (07) කොළඹදී පැවැත්වූ විශෙෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...