*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/12

  1. පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය අරමුදල් නිදහස් කරන මෙන් භාණ්ඩාගාර ලේකම්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයට අදාළව ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට එරෙහිව කටයුතු කළහොත් අධිකරණය විසින් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ තිබෙන බව ප්‍රධාන විපක්ෂ සංවිධායක පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි – මෙම තත්ත්වය අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කරනු ඇති බව පා.ම රවුෆ් හකීම් පවසයි.
  2. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ සිදුවෙමින් පවතින නඩු කටයුත්තකට අදාළව පා.ම. ප්‍රේම්නාත් දොළවත්ත සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් සිදුකළ ප්‍රකාශ හරහා අධිකරණ ක්‍රියාවලියට බාධා පැමිණවීමක් සිදුවන බවත්, එමඟින් ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක්කරන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
  3. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ සහාය ලබා දෙන බවට ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් පැවසූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි – අදාළ පනත සම්මත කිරීමට පෙර ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිසංස්කරණ එළඹෙන සතියේ ආරම්භ කරන බව ද පවසයි.
  4. අමාත්‍ය විදුර වික්‍රමනායක සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් විසින් සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට යාමේදී ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් මතුවෙයි – අදාළ සංස්කෘතික මධ්‍යස්ථානය මීට ඉහත විවිධ අමාත්‍යවරුන් විසින් විවිධ අවස්ථා වල “විවෘත කළ” එකක් බව විරෝධතාකරුවෝ පෙන්වා දෙති.
  5. මෑත් දින සම්මත කළ සියයට 66 ක විදුලිය ගාස්තු ඉහළ දැමීමට එරෙහිව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි – මෙම සංශෝධනය සඳහා කොමිසම විසින් ලබා දුන්නේ යැයි කියන අනුමැතිය නීතිවිරෝධී බව ද පවසයි.
  6. රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධ වූ විශ්ව විද්‍යාල සිසුන්ට දඬුවම් පැමිණවීමක් වශයෙන් අනාගතයේ ඔවුනට රාජ්‍ය අංශයේ රැකියා ලබා නොදීමට රජය තීරණය කරයි – “අනවශ්‍ය” රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධ වූ බවට කියන පුද්ගලයන්ගේ අනන්‍යතා හඳුනාගෙන ඒවාහි වාර්තා තබා ගැනීමට රජය සැරසෙයි.
  7. ශ්‍රී ලංකාව තුළ අදානි සමූහයේ ව්‍යාපෘති දියත් කිරීම සම්බන්ධයෙන් මධ්‍යම රජය පක්ෂපාතීව කටයුතු කරන බවට ඉන්දියාවේ කොංග්‍රස පක්ෂය චෝදනා කරයි – අදානි සමූහය සමඟ සිදුකරන ව්‍යාපාර “රජයන් දෙකක්” අතර සිදුවන ව්‍යාපාර මෙන් ශ්‍රී ලංකා රජය සලකන බව ඉකුත් දින විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසා තිබිණි.
  8. ඉකුත් පෙබරවාරි 14 වන දින එක්සත් ජනපදයේ සීඅයිඒ සංවිධානයේ අධ්‍යක්ෂ විලියම් ජෝසප් බර්න්ස් රහසිගත හමුවක් සඳහා කොළඹ පැමිණි බවට පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල එල්ලකරන චෝදනාවට ප්‍රතිචාර දැක්වීම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.
  9. රජයේ ක්‍රියාමාර්ග හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් දහස් ගණනකට රට හැර දමා යන තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි – මෙලෙස දිගින් දිගටම සෞඛ්‍ය වෘත්තිකයන් රට හැර දමා යන තත්ත්වයක් තුළ සෞඛ්‍ය අංශය පවත්වාගත නොහැකි වනු ඇති බවට අනතුරු අඟවයි – මේ පිළිබඳව රජය කිසිඳු තැකීමක් සිදු නොකරන බව ද පෙන්වා දෙයි.
  10. ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වන වාරය ජූලි සහ අගෝස්තුවල පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉලක්ක කරයි – එම කාලසීමාව තරඟාවලිය පැවැත්වීමේ ස්ථිර කවුළු සීමාව බවට පත් කිරීම අපේක්ෂාව බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan