ඡන්ද දිනය යළිත් අඩමාණ වෙන ලකුණු … !

Date:

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති තත්වයක් තුළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වන බව රජයේ මුද්‍රණායලාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පවසයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෙතෙක් සිදුකර ඇති මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 200ක පමණ මුදලක් ලැබිය යුතුව පැවතුණත් මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බවයි ඒ මහත්මිය සඳහන් කරන්නේ.

මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 500 කට අධික මුදලක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර රජයේ මුද්‍රණාලය විසින් ඒ බව පසුගිය 08 වනදා මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ අනුව, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නැති බව පැවසූ ඒ මහත්මිය එම කටයුතු ඇරඹීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදල් රජයේ මුද්‍රණාලය වෙත ලැබිය යුතු බවත් සඳහන් කළාය.

යම් හෙයකින් ඉදිරි සතිය තුළ එම මුදල රජයේ මුද්‍රණාලය වෙත ලැබුණත් මාර්තු 20 වනදාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත ලබාදීමට හැකියාවක් නොමැති බවත් ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් යළිත් අවිනිශ්චිත තත්වයක් උද්ගත වෙමින් පවතී. මන්දයත් මාර්තු 20 වනදාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත නොලැබුණහොත් මාර්තු 28 වනදාට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වන බැවිනි. දැනට සැලසුම් කර ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා මාර්තු 21 වනදා සිට අදාළ මධ්‍යස්ථාන වෙත බෙදාහැරීමට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...