ඉතාලිය සරණාගතයන් 1000කට වැඩි ප්‍රමාණයක් බේරා ගනියි

ඉතාලි වෙරළට ඔබ්බෙන් බෝට්ටු තුනක් ගසාගෙන යන බව දැකීමත් සමඟ ක්‍රියාත්මක වූ ඉතාලි වෙරළ ආරක්ෂක බලකාය විසින් සරණාගතයන් 1000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂිතව ඉතාලි වරායන් දෙකක් වෙත ගෙන ආ බව වාර්තා වේ. මෙම ගලවා ගැනීම් සිදු වන්නේ නැව් අනතුරින් 76වන දෙනෙකු මිය ගොස් සති දෙකක් ඉක්මවූ විටය.

වෙරළාරක්ෂක බලකාය පැවසුවේ පළමු බෝට්ටුවේ සිටි පුද්ගලයින් 487 දෙනෙකු සෙනසුරාදා අලුයම වන විට ආරක්ෂිතව ක්‍රෝටෝන් වරාය වෙත ගෙන ආ බවයි. දෙවන බෝට්ටුවේ සිටි පුද්ගලයන් 500 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගොස් ඇති අතර පුද්ගලයන් 379 දෙනෙකු රැගත් තුන්වන බෝට්ටුව වෙරළාරක්ෂක මුර සංචාර යාත්‍රා දෙකක් මගින් බේරාගෙන ඔගස්ටා වරාය වෙත යොමුකර ඇත.

නැව් සුන්බුන් විමර්ශනය කිරීමේදී ළමුන් දෙදෙනෙකුගේ සහ වැඩිහිටියෙකුගේ සිරුරු සොයා ගෙන තිබේ. බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් මිය ගොස් ඇති බව උපකල්පනය කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්තා කර තිබුණේ 2023 වසරේ මේ දක්වා සරණාගතයින් 300ක් පමණ මධ්‍යධරණී මුහුදේ දී මිය ගොස් ඇති බවයි.

~ සශිකලා මධුෂාණී

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...