ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ අයෙකු පත්කිරීම සඳහා එම පක්ෂයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ එවැනි පුද්ගලයකු පත්කිරීම වෙනුවෙන් වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ලැබී ඇති බවයි.
එසේම පක්ෂ සභාපති ධුරය සඳහා තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇති බව පැවසූ ඒ මහතා තව දින කිහිපයකින් නව පක්ෂ සභාපතිවරයා පත්කෙරෙනු ඇති බවත් ප්‍රකාශ කළේය.
RN