*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ජයග්‍රහණය අත හැරුණේ දික්වැල්ල අතින් ද?

නිරෝෂන් දික්වැල්ල මේ මොහොතේ ශ්‍රී ලංකාව සතුව සිටින හොඳම කඩුලු රකින්නා බව බොහෝ අයගේ විශ්වාසය වන්නේය.ඒ නිසාම අති විශිෂ්ඨ ඉණිම් ගණනාවකින් පසුව ශ්‍රී ලංකා සංචිතයට පිවිසි නිශාන් මධුශ්ක වෙනුවට නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගයට ද දික්වැල්ල ගැන විශ්වාසය තබන බව නායක දිමුත් කරුණාරත්න කිවේය.

නමුත් ඔහු අදක්ෂතාවයට වඩා නොසැළකිල්ල හෝ අධි විශ්වාසය පෙරට තබා ක්‍රීඩා කරන්නෙක් බව යළිත් සහතික කරමින් ඉණිම දෙකේම කඩුල්ල වීසි කර දැමීමට අමතරව නවසීලන්තය අසීරුවෙන් ජයගත් තරගයේ තිරණාත්මක සාධකය බවට පත් වූ කේන් විලියම්සන් දුන් උඩ පන්දුවද අත හැර දැමුවේය.ලකුණු 33 දි දුන් ඒම උඩ පන්දුව ගිලිහී යාමෙන් ඉනික්බිති විලියම්සන් නවසීලන්ත කඩුලු අටක් දැවෙන තෙක්ම කඩුල්ලේ රැඳී සිටිමින් දිනයේ අවසාන පන්දුවට ජයග්‍රාහි ලකුණ රැස් කළේය.ඒ අනුව නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු දෙකක ජයක් නවසීලන්තයට හිමි විය.කේන් විලියම්සන් නොදැවි ලකුණු 121 ක් ලබා ගත්තේය.

වර්ෂාව නිසා අත හැර දමන්නට සිඳු වූ උදෑසන කාර්තුව නිසා තරගය වඩාත් විවෘත වූ අතර ලකුණු ලැබීම වේගවත් කිරීම සඳහා නවසීලන්තය දෙසට සිඳු වූ බලපෑමෙන් වාසි සහගත තත්ත්වයක් ඇති කර ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන්ට හැකියාවක් තිබුණේ නැත.සිය කඩුල්ල ආරක්සා කර ගනිමින් පන්දුවට පහර දුන් විලියම්සන්ට ලැබුණ අවස්ථාව වඩා වටිනා දෙයක් සහ ජයග්‍රාහි දෙයක් බවට පත් කරන්නට විලියම්සන්ට දායකත්වය සැපයුවේ පළමු ඉණිමේ ශතකයක් රැස් කළ ඩැරල් මිචෙල් ය.ඔහු පන්දු 86 න් වේගවත් ලකුණු 81 ලබා ගනිමින් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 142 ක සබඳතාවයක් පැවත්වීය.ඒ දායකත්වය සහ පළමු ඉණිමේ ශතකය නිසා ඩැරල් තරගයේ වීරයා බවට ද පත් විය.

ශ්‍රී ලංකාවේ පස්වන දින බලාපොරොත්තුව විමට සිටි ප්‍රභාත් ජයසූරිය වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවෙන් උදෑසන කඩුලු දෙක ලබා ගත්තද ඩැරල් මිචෙල් ගේ ප්‍රහාරය හමුවේ ප්‍රභාත්ට නැවත සිය රිද්මයට පැමිණීම පහසු වූයේ නැත.මිචෙල්ගේ දැවී යාමෙන් පසුව ජයග්‍රහණය සඳහා වන ලකුණු 53 සඳහා නවසීලන්තයේ කඩුලු 4 ක් උඳුරා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුව ද,වගකිවයුතු පිතිකරුවෙක් ලෙස විලියම්සන් වැඩි අවස්ථා ගණනකදි පන්දුවට පහර දෙමින් සහ අවශ්‍යය වේගය පවත්වා ගෙන යමින් නවසීලන්තයට තරගය දිනා දීමේ කාර්යය මැනවින් ඉටු කළේය.

දෙවන ඉණිමේදී ද හොඳම පන්දු යැවීම වාර්තා කරමින් අසිත ප්‍රනාන්දු ලකුණු 63 ට කඩුලු 3 ක් දවා ගත් අතර අසිත මේ අභියෝග හමුවේ කඩුල්ල ඉලක්ක කරගෙන පන්දු යවමින් නවසීලන්ත ජයග්‍රහණය ප්‍රමාද කරන්නට සහ ඔවුන්ගෙන් ජයග්‍රහණය උඳුරා ගන්නට දැඩි වෙහෙසක් ගත්තේය.ඒසේම ප්‍රථම ඉනිමේ කසකාරයා බවට පත් වූ මැට් හෙන්රිව දුවද්දි දවා ගන්නට ද දායක විය.
දෙවන ටෙස්ට් තරගයේ දී කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අතිශයින් වැදගත් වන අතර එය ලෝක කුසලාන ටෙස්ට් අවසාන තරගයට පිවිසෙන්නට නොවේය.කණ්ඩායමක් වශයෙන් ස්ථාවර වන්නටය.සමහර විට එම තරගයේදී ද දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවට පැමිණ අපි තව අවස්ථාවක් දික්වැල්ලට දීලා බලන්න තීරණය කළා යැයි පවසන්නට හැකිය.
කෙසේ වුව දික්වැල්ල උඩ පන්දුව රැක්කේනම් පළමු ටෙස්ට් තරගයේ අවසානය බොහෝ විට මෙය නොවන්නට තිබිණ.ශ්‍රී ලංකාවට ජය ගන්නට නොහැකි වුව ද වැඩි ගෞරව සහිතව ජය පරාජයෙන් තොරව හෝ නිමා වන්නට තිබිණ.

ඒහෙම තමයි ක්‍රීඩකයින්ට වරදිනවා යැයි දික්වැල්ල වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ පවසනු නිසැකය.නමුත් පන්දුවට පහර දීමේදි දැවීයාමේ අවදානම නොතකා ක්‍රීඩකයෙක්ට දික්වැල්ල මෙන් හැසිරෙන ආකාරයටත් කණ්ඩායමේ කවූරුන් හෝ ඒ එයාගේ ස්වභාවය යනුවෙන් පවසන්නේද?
ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/sri-lanka-tour-of-new-zealand-2022-23-1322351/new-zealand-vs-sri-lanka-1st-test-1322357/full-scorecard

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan