සුවැති දරුවන්ට පාවහන් බෙදා දීමේ නෙළුම් යාය සමාජ සත්කාරය මහියංගනයේ

මහියංගනය (LNW): නෙළුම් යාය (මහියංගනය) පදනමේ සමාජ සත්කාර යටතේ පාසල් දරුවන්ට පාවහන් ලබා දීමේ වැඩසටහනේ තුන්වන අදියර සඳහා මහියංගනය සහ රිදී මාලියද්ද අධ්‍යාපන කොට්ඨාශවල තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාවහන් බෙදා දීම අද (13) දින සිදුවිය.

දුමී ඉන්ටර්නැෂනල් (Dumee International) සමූහ ව්‍යාපාරයේ සභාපති දුමින්ද මායාදුන්න මහතාගේ උපන්දිනය වෙනුවෙන්, ඒ මහතාගේ ධන පරිත්‍යාගයෙන්, පාසල් පාවහන් කුට්ටම් 30ක් හද්දත්තාව ද්විතියික පාසල, හද්දත්තාව පාථමික විද්‍යාලය, අලුත්තරම විදුහල, බතලයාය විදුහල සහ ගල්පෝරුයාය විදුහලේ තෝරාගත් දරුවන්ට බෙදා දීම සිදුවිය.

නෙළුම් යාය පදනමේ මෙම සමාජ සත්කාරය සඳහා ඔබත් දායක වීමට කැමති නම් අමතන්න:

ප්‍රියන්ත එස්. බණ්ඩාර (නිර්මාතෘ)
සුවැති දරුවන්
0779878637

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...