වර්ජනය කට උඩ තියෙද්දී දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ!

Date:

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල අද (14) සිට නිවාඩු අවලංගු කර තිබේ.

2023.02.27 දිනැති 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති අතර ඒ අනුවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්.ගුණසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් උක්ත කාරණය දැනුම් දී ඇත්තේ.

ඒ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු 2023.03.14 වන දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් පියවර ගෙන තිබේ.

එම නිවේදනයට අනුව දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂම පවත්වාගෙන යෑම සඳහා 2023.03.15 දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා විසින් දෙපාර්තමේන්තුව සියලු ප්‍රධානීන් වෙත දන්වා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...