බද්දට එරෙහිව බැංකු සේවකයෝ උද්ඝෝෂණයේ – ජාතික විරෝධතාවට සහය දෙමින් හෙට දින බැංකුත් වැසේ (VIDEO)

බදු පනතට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය අද (14) කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර වල උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.

ඒ අනුව කොළඹ ලේක් හවුස් ගොඩනැගිල්ල ඉදිරිපිට එම විරෝධතාවක් සංවිධානය කර තිබුණු අතර ඊට ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවකයින් සහභාගී වී සිටියේය.

බද්දට එරෙහි වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස හෙට දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම්කරමින් වැඩවර්ජන ක්‍රියාත්මක කර තිබෙන පසුබිමක බැංකු පද්ධතියද හෙට දින එම වැඩවර්ජනයට එක්වීමට නියමිතය.

වහාම මෙම ප්‍රශ්නයට විසදුම් දෙමින් ආසාධාරණ බදු පනත හකුළා ගන්න ලෙසයි ඔවුන් රජයට බලකරසිටින්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...