අල්ලස් චෝදනා ඔප්පු වෙයි. මාවනැල්ලේ පොහොට්ටු සභාපති සභාවෙනුත් ඉවතට !

Date:

ගොඩනැගිලි සැලසුමක් අනුමත කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 20ක් අල්ලස් ගැනීමට යාමේදී අත් අඩංගුවට පත්වූ මානවැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම සභාපති ධුරයෙන් හා මන්ත්‍රී ධුරයෙන් ඉවත්කර තිබේ.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශ්‍රාම ලත් අධිකරණ නිලධාරියාගේ විමර්ශන වාර්තාව අනුව එම සභාපතිවරයා සියලු චෝදනාවලට වැරදිකරු වී ඇති හෙයින් මෙසේ ඔහුව ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී නොයෙල් දසන්ත ස්ටීවන්ව අත් අඩංගුවට ගෙන තිබුණේ පසුගිය ජනවාරි 13 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...