‘රනිල්ගේ බොරු ලියවිල්ලට අපි රැවටෙන්නේ නැහැ.වර්ජනය දිගටම’ – FUTA (VIDEO)

Date:

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ.

අද සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු ඇතුළු සියලු වෘත්තීය සමිති එක්ව විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණු අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චරුදත්ත ඉලංගසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බොරු ලියවිල්ලක් ලබා දුන් අතර එවැනි බොරු ලියවිලිවලට විශ්ව විද්‍යාල ආචාර්යවරු රැවටිය නොහැකි බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව මේ සටන දිනන තුරු විශ්ව විද්‍යාල ආචාර්යවරු නැවත හැරීමක් සිදුනොවන බව ඉලංගසිංහ මහතා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ට දඬුවම් කිරීම ජනතාවගේ අපේක්ෂාවයි. අපේ සීමාව තුළ අපට කළ හැකි දේ අපි කරමින් ඉන්නවා – මන්ත්‍රී මනුවර්ණ

බංකොලොත් රටේ මහජනතාවගේ ධනය කාබාසිනියා කළ හිටපු පාලකයාට දඬුවම්...

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...