IMF හදලා තියෙන්නෙ ජනතාව වෙනුවෙන් නෙවෙයි, ඔය හොරාකන ආණ්ඩු බේරාගන්න – ටිල්වින්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා ඇත්තේ ජනතාව වෙනුවෙන් නොව හොරාකන ආණ්ඩු බේරාගැනීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“අපි අවුරුදු 40 – 50 ක් තිස්සේ ණය අරගෙන අරගෙන අරගෙන, ණයට කාලා කාලා කාලා, ඒ ණය හොරකම් කරලා හොරකම් කරලා ගෙවාගන්න බැරි ණය කන්දක් ගොඩගැහුණා. මූල්‍ය අරමුදල හදලා තියෙන්නෙ ජනතාව වෙනුවෙන් නෙවෙයි, ඔය හොරාකන ආණ්ඩු බේරාගන්න. මොකක් වුණත් ණයක්නෙ ගන්නෙ අපි. ඔය ණය ටික ගෙනත් දාපු ගමන් මොකක්ද වෙන්නෙ මෙතෙන්ට ? දැන් මේ අවුරුද්දක් තිස්සේ ආණ්ඩුවේ ඉන්න ඇමතිකම් කරන, ඇමතිකම් කරපු උන් ටික බලන් ඉන්නේ වේලි වේලී කෑමක් තිබුණෙ නෑ ළඟකදී. උන්ටත් හොරකම් කරන්න මාර්ග නැතිවෙලා තියෙනවා. ඒ නිසා බලන් ඉන්නෙ චාන්ස් එකක් එනකල්. ඔය ණය ටිකක් හොයන් ඇවිල්ලා දාපු ගමන්, ව්‍යාපෘති පටන් ගත්තු ගමන් වෙන්නෙ සෝමාලියාවට පාන් දැම්මා වගේ එකක්”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ සීතාවක ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...