ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයට අදට දින 2222 යි !

0
321

උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කරන ලද අරගලයට අදට දින 2,222 ක් සපිරේ.

අතුරුදන් කරවූ සිය සමීපතමයින් සොයාදෙන ලෙසත් මෙම අතුරුදන් කරවීම් පිළිබඳ සත්‍යය හෙළිදරව් කරන ලෙසත් ඔවුන්ට යුක්තිය ඉටු කරන ලෙසත් ඉල්ලමින් ඔවුන්ගේ මව්වරුන්, පියවරුන් ඇතුළු ඥාතීන් විසින් අඛණ්ඩව දින 2222ක් තිස්සේ විරෝධතා, සත්‍යග්‍රහ, උපවාස, උද්ඝෝෂණ, පෙළපාලි වැනි විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ මෙම අරගලය පවත්වාගෙන යමින් සිටිති.

ශ්‍රී ලංකාවේ අඛණ්ඩව පැවැත්වෙන දීර්ඝතම අරගලය වශයෙන් සැලකෙන්නේ මෙයයි.

RN