අද දිනයේ ඇමරිකානු ඩොලරයේ මිල තවදුරටත් පහළට

0
2184

අද (22) දිනයේ වාණිජ බැංකුවලින් නිකුත් අර ඇති විදේශ විනිමය අනුපාත සටහන් අනුව ඇමරිකානු ඩොලරයක මිල ඊයේ දිනයට සාපේක්ෂව තවදුරටත් පහළ බසින ආකාරයක් පෙන්නුම් කෙරේ.

ලංකා බැංකුවෙහි ඊයේ (21) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 315 ක් සහ විකුණුම් මිල රු. 333.54ක් වශයෙන් සටහන් වූ අතර අද දිනයේදී එම අගයන් පිළිවෙලින් රු. 311 ක් සහ 329.54 ක් දක්වා අඩුවී තිබේ.

කොමර්ෂල් බැංකුවෙහි ඊයේ (21) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 314.76 ක් සහ විකුණුම් මිල රු. 336 ක් වශයෙන් සටහන් වූ අතර අද දිනයේදී එම අගයන් පිළිවෙලින් රු. 311.69 ක් සහ 330 ක් දක්වා අඩුවී තිබේ.

තවත් වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයක මිල අද දිනයේ දැක්වෙන්නේ පහත ආකාරයෙනි.

NDB බැංකුව
මහජන බැංකුව
NSB බැංකුව
සම්පත් බැංකුව

RN