*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ලක විජයග්‍රහණයට රැඟෙන යා හැකි අලුත් පියැඹිම – ලක්විජය

වේගවත් දිවුමත්,පැනීමත් රමණයේ යෙදෙන රමණීය තාක්ෂණික අත්දැකීමක් වන කඩුලු මතින් දිවීම විචිත්‍රම මලල ක්‍රීඩා ඉසව්වකි.ඒ විචිත්‍රත්වය පෝෂණය වන්නේ ඇහැට නොපෙනෙන මහා සියුම් තාක්ෂණයක ඇවෑමෙන්ය.කඩුල්ලක් අතර දුර,ඒ සඳහා නිශ්චිත වූ පියවර මෙන්ම අඛණ්ඩ ධාවන වේගය ද සියයට සීයක් හරියට ගැලපීම කඩුලු මතින් පැන දිවීමේ ඉසව්වේ අනන්‍යතාවය ය.අත් පා සියොත් තටු මෙන් සසැලෙන ඒඅපූරු හරඹයෙන් දිනීම මෙන්ම වාර්තා තැබීම ද පහසු නැත.

ඊට ගැලපෙන තරුණ, ජාත්‍යන්තර වශයෙන් මෙම ඉසව්වේ නියැලෙන්නන්ගේ රූපකාය හා සමාන පෙණුමක් ඇති දේහධාරියෙකුගේ වාර්තාගත මතුවීම සිදු වූයේ දවස් දෙකකට පෙරය.වසර විසි හතරක් පුරා තත්පර 14 සීමාවෙන් මෙපිටට නොපැන තිබුණ මීටර් 110 කඩුලු ඉසව්වේ එම බැරියරය බිඳ,රොෂාන් රණතුංග තැබූ තත්පර 13.89 ක වාර්තාව මේ දේහධාරී තරුණයාගේ අත් පා චලනය වන මාරුවන වේගය ඉදිරියේ පසු බැස ගියේය.ඉසව්ව නිමාවන මොහොතේ දී ඔහුගේ කාලය සටහන් වූයේ තත්පර 13.82 ක් හැටියට ය.

“රොෂාන් අයිය දිව්වනම් මේ ටයිම් එක තව හොඳ වෙනවා අනිවාර්යෙන්.හැබැයි එතකොට රෙකෝඩ් එක එයාටත් යන්න තිබුණා.”
ඔහුගේ ඒ වචනවල ඇති අවංක සහ නිහතමානිකම ක්‍රීඩක පෞරුෂයේ අලුත් නැම්මක්ය.වාර්තාව හිමිව තිබූ ජ්‍යෙෂ්ඨයා ඔහුට අනුව අභියෝගයකි.එය පිළිගන්නට මැලි නොවන නිහතමානිකම මෙන්ම හැම විටම අභියෝගයන්ට මුහුණ දීමට තමන්ගේ ශක්තිය සූදානමින් පවතින බව ද,පවසන මේ අපූරු තරුණ ධාවකයා නමින් ජනිඳු ලක්විජය ය.
“මේ රෙකෝඩ් එකේ ප්‍රදාන ගෞරවය යන්න ඕනි ඩොක්ටර් ලාල් ඒකනායක සහ මගේ පුහුණුකරු අශෝක ජයසුන්දර ට.”
එතැනත් අපූරු කතාවකි.වයස අවුරුදු 15 දී ඔහු ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වත්මන් ප්‍රධානියා වන ලාල් ඒකනායක හමුවන්නේ සිය දණහිසේ ආබාධයකට බෙහෙත් ගැනිමටය.වෛද්‍යවරයා සිය පාසල් සමයේ විශිෂ්ඨ මලල ක්‍රීඩකයෙක් මෙන්ම,තවත් ක්‍රීඩා ගණනාවක ප්‍රවීනයෙක්ද වන බැවින් මේ ක්‍රීඩකයාගේ හැකියාව ඔප දැමිය හැකි පුහුණුකරුවෙක් ද ඔහුට සොයා දෙන්නේය.

ජනිඳු 15 හැවිරිදි වියේ සිට කපා ඔප මට්ටම් කරමින් වෛද්‍ය ඒකනායකයන් භාර දුන් මැණික එහි ඉහළම වටිනාකම දක්වා ගෙන යාමට අශෝක ජයසුන්දර මේ වන විට අරඹා ඇත.කලබල නොවී නොතලා රොන් ගැනීමට ඉවසීමෙන් කටයුතු කළ නිසා අද වන විට ජනිඳු නමට වාර්තාවක් ලියැවී ඇත.
“තව ඉවර නැහැ,තව දුවන්න ඕනි.ආසියානු මෙඩල් එකක් කියන එක තමයි ළඟම හිනේ.ඊට පස්සෙ ඔලිම්පික් යන්න බලමු”

මේ දිවීම සාර්ථක කර ගන්න ඔහුට මේ මොහොතේ ජයසුන්දරයන් ලබා දෙන පුහුණුව වගේම තමන්ට කරට කර සටනක් දිය හැකි රොෂාන් රණතුංග සිටීමත් වැදගත්ය.මීට පෙර ඔහු ජාතික ජයග්‍රහණවලින් එපිටට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කර ඇත්තේ දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී පමණි.ඔහු ඒහිදි සිව්වැන්නා සේ තරගය නිමා කර ඇත.ඒ නිසාම ඔහු මේ වාර්තාගත ජයග්‍රහණයට ඉනික්බිති මේ පොළවේ ඇති වූ අභියෝගය සහ වර්ධනය මේ වාර්තාව හමුවීම සඳහා ඔහු ඉක්මන් කළ බව විශ්වාස කරන්නේය.
“අපි දෙන්නගෙ වේගෙට වැඩිය අපි දෙන්නටම 13.1,13.2 වගෙ සාමාන්‍යය වෙච්චි කට්ටිය දුවන මීට් දුවන්න ලැබෙනවනම් මං හිතන්නෙ ආසියානු පදක්කම් දෙකක්ම ගන්න පුළුවන් වෙයි.”
ජනිඳු ගෙදර එකම දරුවාය.මව්පියන් දෙපළම අබාන්ස් ආයතනයේ සේවකයෝ ය.එක දරුවෙක් වූ විට එය පවුලට ඇසකි.අනාගතයේ සියල්ල දකින්නේ ඒ ඇසෙනි.ඒ ඇසට බර ප්‍රාර්ථනා බොහෝ වෙති.නමුත් පොත පතම තුරුළු කර තමන්ව තෘප්තියට පත් කර ගැනීමේ ආශාවෙන් දිවීම තමන්ගේ ජීවිතයට මිස තමන්ගේ දරුවාගේ ජීවිතයට අදාළ නොවන බව මේ දෙමව්පියෝ තේරුම් ගත්හ.

“ඒ දෙන්න නැත්නම් මං දුවල හමාරයි.මගෙ කැමත්තට හැකියාවට එයාල තමයි ලොකුම හයිය දුන්නෙ”
ජනිඳු ජයග්‍රහණයේ සහ වාරතාවේ වැඩි වටිනාකමක් සිය දෙගුරුන් පය පාමුල පුද කරන්නේ ඉමහත් බැතියෙන්ය.ඒ ඉවසා දරා ගැනීමේ සහ නිදහස දෙමින් ජනිඳු ගේ ඇඟේ හයියට පාවඩ එලීම ගැන හොඳම සාක්ෂිය වන්නේ ජනිඳු මලල ක්‍රීඩාව පමණක් නොවේ,ටයිකොණ්ඩෝ ක්‍රීඩාවෙන්ද ජාතික සූරතාවය දිනා තිබිමෙන්ය.
“2010 සහ 2014 වසරවල සමස්ත ලංකා පාසල් තරගවල මගේ බර පංතියෙ රන් පදක්කම ගන්නෙ මම.හැබැයි පස්සෙ මලල ක්‍රීඩාවෙන් යන්න ඊට වඩා ඉස්සරහට යන්න පුළුවන් කියලා දැණුනම මං ඇත්ලටික් විතරක් කරන්න තීරණය කරනවා.”

මේ මොහොතේ අප ආස්වාදනය කරන්නේ ඒ තීරණයේ පල ය.කැළණිය ධර්මාලෝකයේ සිට ජනිඳු ට ශාන්ත පීතරයට එන්නට පාර කැපෙන්නේ ද මලල ක්‍රීඩාව හරහා ය.ඔහු ශාන්ත පීතර විද්‍යාලයේ උසස් පෙළට වානිජ විෂය හදාරන අතරේම නොනැවතී කඩුලු මතින් සිය ක්‍රීඩා හැකියාවේ අනාගතය දෙස පියැඹීම ද අත් නොහළේය.තටු බරව සුළඟ කපාගෙන යාමේ අපහසුතාවය දැනෙන හැම විටකම ඔහුට ඒ පියාපත් බර දරාගෙන සැහැල්ලු වෙන්නට අපූරු නිවසක් තිබිණ.පුහුණුකරුවෙක් මෙන්ම තමා ඔප දමන්නට භාර දුන් මැණික ගැන අවධානයෙන් ඉන්න වෛද්‍ය ඒකනායකයන් ඇතුළු පිරිසක් ද උන්හ.
පීතර සිසුවෙක් වීම නිසාම ඔහුට සාමාන්‍යයෙන් මලල ක්‍රීඩකයෙක් වෙනුවෙන් මේ මොහොතේ නෑරෙන දොරක් ජීවිතයට ඇර දෙන්නට රොෂාන් අබේගුණවර්ධන නම් ආදරණීය පීතර පුත්‍රයෙක්ම පෙරමුණට එන්නේය.තමන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින සීඩීබී බැංකුවේ පුහුණුවට බඳවා ගන්නා ජනිඳු අද වන විට එහි කණිෂ්ඨ සහකාර මෙහෙයුම් නිලධාරියෙක් ය.

“මට ඒ ලැබුණ අවස්ථාව වගේම මගේ ස්ටාෆ් එකත් මං හිතන්නෙ කෙනෙක්ට ලෝකෙ ලබන්න පුළුවන් හොඳම ස්ටාෆ් එක.සියල්ලම තරුණයි.යාළුවො වගෙ වැඩ කරන්නෙ.හරීන් පළිහවඩන තමයි මගෙ බ්‍රාන්ච් එකේ බොස්.එයත් ගොඩක් තරුණ යාළුවෙක් වගේ හොයා බලන කෙනෙක්.සමහර වෙලාවට මම පුහුණුව ඉවරවෙලා ආවම වුණත් වැඩකදි මං වෙනුවෙන් වැඩ කරන්න ඉදිරිපත් වෙන්න යාළුවො ගොන්නක් මට ඉන්නෙ.”
රොෂාන් අබේගුණවර්ධන,හරීන් පළිහවඩන,සිය අංශයේ මිත්‍ර සංධානය පමණක් නොව තමන්ගේ ජිවිතය ඉදිරියට තල්ලු කරන්නට දිරි දෙන සමස්ත සීඩීබි ය ගැන ඔහුට ඇති ගෞරවය සහ ආදරය වචනවලට වඩා පළල් එකකි.”ඇත්තටම මරු’ ඒ වචන හොයමින් වෙහෙසී අවසානයේ ඔහු ගේ මුවින් පනින ඒ වචනය සීඩීබී ජාලය තරම්ම පැතිරුණු ආදරය සංඛේතවත් කරන්නේය.

“හර්ඩ්ලර් කෙනෙක් හැටියට ලෝකෙට යනව වගේම බෑන්කර් කෙනෙක් හැටියටත් ඉස්සරහට යන්න ඕනි.ඒ වගෙම ක්‍රීඩාව ගැන දැණුම තව වැඩි කරගන්න ඕනි.ඒ නිසා මං මේ වන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමණාකරණය සම්බන්ධ ඩිප්ලෝමාවට ඇතුළත් වෙලා ඉගෙන ගන්නවා.”
ඔහුගේ වචන ක්‍රීඩාවේ ඇළුණු රස සොයමින් ගලයි.එහි ඇත්තේ හෙට වෙනුවෙන් පිරුණු හීනය.ඒ අතරම සමාජ මාධ්‍ය ජාලයේ ඔහුගේ අපූරු ඡායාරූප පෙළක් ද දැකිය හැකිය.

“නිරූපනය කරන්න ආසම නිසා නෙමෙයි.සමන් කියලා මල්ලි කෙනෙක් ඉන්නවා.එයාගේ පොටෝග්‍රැපිවලට උදව්වට මං ඉතිං පොටෝවලට පෙනී හිටිනවා.”
එහි ඡායාරූප කිහිපයක් ද මෙහි පළ කරන්නේ දැන්විම් නිර්මාණකරණයේ යෙදෙන අයෙකුට ඔහුගේ පුහුණු කාලයට හානියක් නොකර අවශ්‍යය කරන්නේ දේහධාරි කඩවසම් තරුණයෙක්නම් ඒ් සඳහා ද ජනිඳු සුදුසු බවට සාක්ෂි දෙන්නය.තත්පර 13 ක කාලයක් ඇතුළත් රටම දිනවිය හැකි තරුණයෙකුට ඒ දැන්වීම්වලට දෙන්න පුළුවන් වටිනාකම ගැන අමුතුවෙන් දැන්විම් කේෂ්ත්‍රයේ අයෙකුට කීමට අවශ්‍යය නැත.ඒ ඒන හයියත් ඔහු සිය පියැඹීම ශක්තියක් කර ගනු පිණිස වැය කරනු ඇත.

ඔහුම විශ්වාස කරන ආකාරයට රොෂාන් සහ ඔහු එකට තරග වැදීම ඉසව්වේ දියුණුවේ හෙට දවස වෙනුවෙන් අතිශයින් වැදගත්ය.ඒ නිසා ක්‍රීඩා බලධාරීන් මේ දෙදෙනාම සැළසුම් සහගතව රැක ගැනීම අත්‍යවශය ය වන්නේය.සීඩීබී බැංකුව මෙන් තවත් පෞද්ගලික ආයතන නැවත ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව වෙනුවෙන් මැදිහත්වන සොඳුරු අනාගතයකට ජනිඳුලාට ලැබෙන ඉඩ සහ ඔවුන් බලධාරීන් විසින් පිළිගන්නා හැඩ වැදගත් වනු ඇත.මන්ද අත්දැකීමෙන් අප දන්නා පරිදි සමහර අවස්ථාවන් සඳහා ඔවුන් නියෝජනය කරන තැන,හැකියාවටත් වඩා වැදගත් වන අවස්ථා අපට හමු වී ඇත.

ජනිඳු හෙට ඔබට අදටත් වඩා සුබ වේවා යන්න අපේ පැතුමය. එමෙන්ම හැඟුමය.

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan