IMF එකෙන් ලැබුණු මුදල් වලින් රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට සිදු වෙනවා – ඇමති බන්දුල කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති බවත් , එම ගෙවීම් සඳහා රජයේ ආදායම ප්‍රමාණවත් නොවන බවයි .ගාල්ල දිස්ත්‍රික්කය සදහා බස් රථ බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තම අදහස් පළකලාඑහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,”රාජ්‍ය මූලයේ තියෙන විශාලම අර්බුදය තමයි අපිට එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් පියවාගන්න ප්‍රමාණවත් ආදායමක් නැහැ. උදාහරණයක් වශයෙන් මාර්තු මාසයට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විශ්‍රාම වැටුප් සමෘද්ධි දීමනා හා වෙනත් එදිනෙදා පවත්වා ගෙන යාමේ වියදම්වලට ඇස්තමේන්තු කරලා තියෙනවා බිලියන 196ක්. බලාපොරොත්තු වෙන සියලුම ආදායම තියෙන්නේ බිලියන 173යි. එතකොට බිලියන 23ක් මාර්තු මාසයට පවත්වාගෙන යන්න මදි. ඒ අතර අර ගෙවිය යුතු බහු පාර්ශක ණය ගෙවන්න අවශ්‍යයි බිලියන 500කට වඩා වැඩි මුදලක්. ඉතින් මේ මාර්තු මාසයට 500 ගණනක් විතර අඩුයි මාස දෙකක වැටුප් ගෙවන්න සිදුවෙනවා අවුරුද්ද නිසා. ඒ කියන්නේ මාර්තු මාසයේ වැටුපයි, අප්‍රේල් මාසයේ වැටුපයි. මේ වැටුප් දෙක ගෙවාගැනීම සඳහා මේ ලැබුණ පළවෙනි වාරික මුදලින් කොටස් භාණ්ඩාගාරය පාවිව්චි කරන බව තමයි සඳහන් කරේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...