රජයේ සේවකයන්ට වැටුප් වලින් අඩක් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවට – පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල පර්‍යේෂකයින් වාර්තා කරයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් තිදෙනකු කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී ඇත්තේ , රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බවයි.

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 69,491කි.එම මුදලින් රුපියල් කෝටි 33,940ක් ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කෙරෙනු ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි යන මහත්වරුන් විසිනි විමර්ශනය කරනු ලැබ ඇත.

මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසූවේ
රජයේ සේවකයන් ලක්ෂ දහසයකට ආසන්න පිරිසක් සිටින අතර ඉන් ලක්ෂ 4 කට වැඩි ප්‍රමාණයක්( හතරෙන් එකක්) පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන් බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි .

මේ අතර වැටුප් ගෙවීම සඳහා මීළඟට වැඩිම මුදල වැය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙනි. එම ප්‍රමාණය රුපියල් කෝටි 11,800 කි.

තවද, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා කෝටි 5930ක්ද රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා කෝටි 4274ක්ද වැයවන බවට තොරතුරු අනාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...