“ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිම හේතුවක් තැතුව පිටරට සමාගම්වලට පවරලා දෙන්න යනවා” – සභාපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය පවසන්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීමට එරෙහිව අද (27) උපවාසයක් ආරම්භ කරන බවයි. අද උදෑසන 7 සිට සිය උපවාසය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති ජගත් විජේගුණරත්න මහතා සඳහන් කළේය .

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය සභාපති ජගත් විජේගුණරත්න මහතා ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය .

“අද වෙනකොට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතාමත් හොඳින් ලාභ ලබනවා. මෙහෙම තියෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිම හේතුවක් තැතුව ඒ සංස්ථාවට අයිති ඉන්ධන පිරවුම්හල් 600කට අධික ප්‍රමාණයක් පිටරට සමාගම්වලට පවරලා දෙන්න යනවා. මේ ගනුදෙනුව තමයි මේ අවුරුද්දේ වෙන්න යන විශාලතම දූෂිත, නින්දිතම තුප්පැහිම ගනුදෙනුව. මොකද මේ ගනුදෙනුවෙන් කිසිම ඩොලරයක් මේ ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ. අපිට ආරංචි ළඟදිම මේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න යනවා කියලා. ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ මේ ජාතීද්‍රෝහී ක්‍රියාව පරාජය කරන්න අපි තෙල් සංස්ථාව වෘත්තීය සමිති අද උදෑසන සිට උපවාසයකින් මේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරනවා. අපි සියලුම ඛනිජ තෙල් සේවකයින්ට ආරාධනා කරනවා පක්ෂ භේද, වෘත්තීය සමිති භේදයකින් තොරව අපේ තෙල් සංස්ථාව බේරගෙන අපේ රැකියා ටික සුරක්ෂිත කරගැනීමේ සටනට එකතුවෙන්න කියලා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...