බිග් මැච් සතුට කඳුළක් වූ හැටි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නොසිතූ මොහොතක බදුල්ලේ පාසල් මහා ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් පැවති රථ පෙළපාළියක් අතරතුර ජීප් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු අද (01) ජීවීතක්ෂයට පත්විය.

එම අනතුරින් තවත් 08 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් අර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළේය .

බදුල්ල ජනප්‍රිය පාසල් දෙකක් අතර පාසල් මහා ක්‍රිකට් තරගාවලිය මෙලෙස පැවැත්වෙමින් තිබුණි.එම තරඟයට සමගාමීව පැවැත්වූ රථ පෙළපාළියේ ගමන් ගත් ජීප් රථයක් පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවිය.

පොලීසිය පැවසුවේ බදුල්ල නව ක්‍රීඩාංගණය අසල සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබුවන් බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කළ බවය.

අනතුරින් බදුල්ල ධර්මදූත විදුහලේ 13වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත් ,
රවිදු දුලක්ෂණ ජයතිලක සහ හරින්ද්‍ර රුක්මාල් යන සිසුන් දෙදෙනා මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Pink October” : ‘Indira Cancer Trust’ සමඟින් කොළඹ නගරය රෝස පැහැ වූ අපූරුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රාත්‍රිය උදාවෙත්ම, කොළඹ...

රුසියාවේ plague පර්යේෂණ සේවිකාවගේ මරණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි; රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැඩි තොරතුරු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: රුසියාවේ සයිබීරියානු...

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...