*
Friday, September 20, 2024
spot_img

Latest Posts

කුසල් මාස 14 ට පසුව අර්ධ ශතකයක් සමඟ ජාත්‍යන්තර පිටියට – ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ලකුණු සමව දෙපළට පන්දු ඕවරය බැගින් හිමි වූ නවසීලන්ත – ශ්‍රී ලංකා තරගයෙන් නවසීලන්තය ලැබූ ලකුණු 8 පිළිතුරු ලෙස පන්දු තුනකදී ලකුණු 11 ක් ලබමින් තියුණු සහ විශිෂ්ඨ ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් විය.

කුසල් ජනිත් පෙරේරා 2021 නොවැම්බර් 4 දා ට පසුව විස්සයි විස්ස පිටියට පිවිසෙමින් නවසීලන්තයට එරෙහිව ලකුණු 53 ක් ලබා ගත්තා.ඔහු 2021 නොවැම්බර් 4 දා අවසාන වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය නියෝජනය කළ අවස්ථාවේ දී ලකුණු 29ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව 20 න් ජය ගත්තේය.නවසීලන්තයට එරෙහිව කුසල් අර්ධ ශතකය ලබද්දී ලකුණු 67 ක් ලැබූ චරිත් අසලංක එදා කොදෙව් තරගයේ දී තරගයේ වීරයා වූ සේම මේ තරගයේද වීරයා විය.

කුසල් සහ චරිත් හතරවන කඩුල්ලට ලකුණු 103 ක සබදතාවයක් පැවත් වූ අතර කුසල් මෙණ්ඩිස් පන්දු නවයකින් ආරම්භයේ ලබා දුන් ලකුණු 25 ප්‍රවේගකාරී දායකත්වයත් සමඟ ශ්‍රී ලංකා ඉණිම කඩුලු 5 ට ලකුණු 196 ක් ලැබීය.

නවසීලන්ත පිළිතුරු ඉණිම මුල සිට යම් පාලනයකට නතු වූ අතර නමුත් ඩැරල් මිචෙල් (66),මාක් චැම්පන් (33) සහ රචින් රවීන්ද්‍ර (26) ගත් උත්සාහය අවසාන පන්දුවේදී මල්පල ගැන් වූ ඉෂ් සෝධි දසුන් චානකට එල්ල කළ හයේ පහරකින් නවසීලන්ත ඉණිම ද කඩුලු 8 ට ලකුණු 196 දී නතර විය.

සම බව බිදින්නට දෙපිළට ලැබුණ ඕවරය බැගින් වූ අවස්ථාවේ දී නවසීලන්තය කඩුලු 2 ට ලකුණු 8 එකතු කරමින් මහේෂ් තීක්ෂණ විශිෂ්ඨ පන්දු යැවීමක නිරත විය.

පන්දු තුනෙන් ලැබූ ලකුණු 11 න් පන්දු දෙකකදී ලකුණු 10 ක් ලබන්නට චරිත් අසලංක සමත් විය.

තරගයේ ලකුණු පූවරුව පහතින් දැක්වේ.
https://www.espncricinfo.com/series/sri-lanka-tour-of-new-zealand-2022-23-1322351/new-zealand-vs-sri-lanka-1st-t20i-1322362/full-scorecard

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan