ණය හිමියන්ට දැනුම් දීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට දැනුම් දී ඇත්තේ , ශ්‍රී ලංකා රජය අපේක්‍ෂා සහගත ප්‍රතිසංස්කරණ වැඩසටහනකට පිවිසී ඇති බවයි.

එම ඉදිරිපත් කිරීමේදී මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ළඟාකර ගැනීම සහ රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ණය තිරසර බව යළි ඇති කිරීම, මිල ස්ථායීතාව යළි ඇති කිරීම සහ බාහිර ස්වාරක්‍ෂක යළි ගොඩනැඟීම, මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරැකීම, දූෂණ අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සහ තවදුරටත් වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බවයි .

ඉදිරියේදී සියලු ණය හිමියන් සමග පවතින බැඳියාවන් විනිවිධ භාවයෙන් සහ මනා විශ්වාසයෙන් යුතුව වේගවත් කිරීමට අපේක්‍ෂා කරන බව ද වැඩිදුරටත් එම හමුවේදී දන්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...