කුකුළු මස් සහ බිත්තර මිල ඉහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ , එළැඹෙන උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවයි. ඔහු සඳහන් කළේ, ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමේ අපහසුතා මත කුකුළු මස් කිලෝවක් රුපියල් 1,200 සිට රුපියල් 1,400 දක්වා මිල ඉහළ යා හැකි බවයි .

මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසූවේ ,

“වෙළෙඳ ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙන්නේ. මේවා නරක් වෙන නිෂ්පාදන. ශක්තිමත් වෙළෙඳ ජාලයක් තිබුණේ නැති වුණාම මිල උච්චාවචනය වීම අපිට නවත්වන්න බෑ. අවුරුදු සමයේ දිගු නිවාඩුවක් ලැබෙනවා. ඊළඟට උත්සව සමයත් එනවා එතකොට ඉල්ලුම වැඩිවෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා ඉල්ලුමට සැපයුම කරන්න පුළුවන් ද කියලා. එතකොට ඉල්ලුම සැපයුම අනුව තමා මිල තීරණය වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කුකුළු මස් කිලෝවක් රු 1,200ක් – රු 1,400ක් අතර දෝලනය වෙයි කියලා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්