ට්‍රම්ප්ට මෑන්හැටන් නඩු විභාගයේ දී සාපරාධී චෝදනා 34ක් එල්ල වේ.

Date:

කොළඹ (LNW): හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඊයේ(04)දිනයේදී මෑන්හැටන් නඩු විභාගයේදී, සාපරාධී චෝදනාවන් 34ක් එල්ල වූ අතර, ඔහු එම අපරාධ චෝදනා 34ටම වරදකරු නොවන බව පිළිගත් බව වාරතා වේ.

පිටු 13 කින් යුත් ලේඛනයේ මෑන්හැටන් දිස්ත්‍රික් නීතීඥ ඇල්වින් බ්‍රැග් විසින් මෙහෙයවන ලද අතර මැන්හැටන් මහා ජූරි සභාවේ විමර්ශනය වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ගෙවා ඇති බව කියන ඩොලර් 130,000කට පමණක් වලංගු නොවූ අතර, ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම ඇතුලත් විය.

මේ සම්බන්ධයෙන් මැන්හැටන් මහා ජූරි සභාව ප්‍රකාශ කර තිබුණේ ඡන්ද දායකයන්ගෙන් තොරතුරු වසං කරමින් වංචනිකව හිටපු ජනාධිපතිවරයා තොරතුරු ව්‍යාජව වෙනස් කළ බවයි.

මෑන්හැටන් අපරාධ උසාවියෙන් පිටත හා ට්‍රම්ප් ටවර් අසල විරෝධතාකරුවන් සිය ගනනක් ට්‍රම්ප්ට සහයෝගය දැක්වීම පිණිස රැඳී සිටි අතර, අවසානයේ සුළු කලහකාරී අවස්ථා කිහිපයකින් පසු පෙළපාලි අවසානයේ සාමකාමීව අවසන් විය. කෙසේ නමුත් නිව්යෝක් නගරයේ 35,000ක පොලිස් නිලධාරීන් පිරිසක් කැඳවා තිබිණ.

අවසානයේ ට්‍රම්ප් විසින් ෆ්ලොරිඩාවේ පාම් බීච් හි පිහිටි ඔහුගේ මාර්-ඒ-ලාගෝ නිවසේ දී ඔහු ප්‍රකාශ කර තිබුණේ ඇදහිය නොහැකි තරම්, අපි දැන් අසාර්ථක ජාතියක් බවත් අපි පිරිහෙන ජාතියක් බවත්, මේ රැඩිකල් වාම පිස්සන්ට අවශ්‍ය වී ඇත්තේ නීතිය ක්‍රියාත්මක කර අපේ මැතිවරණවලට ඇඟිලි ගැසීමට බවත්, එසේ වීමට ඉඩ ලබානොදිය යුතු බවත්ය.

සටහන-සශිකලා මධුෂාණී

වැඩිදුර කියවීම් සඳහා : ‘ට්‍රම්ප්ට හිරේ ගියත් දිනන්න පුළුවන්; දෙවියන් ඉන්නේ ඔහුගේ අතේ’

https://outboundtoday.com/hell-be-our-next-president-florida-protesters/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...