මැතිවරණ අවිනිශ්චිතයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනි දා පැවැත්වීම දැඩි අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි . පවතින තත්ත්වය අනුව මැතිවරණය නියමිත දින පැවැත්වීම ගැටලු සහගත බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය .

2017 අංක 16 දරණ පළාත් පාලන මැතිවරණ පනතේ සඳහන් පරිදි දින වකවානු සලකා බැලීමේදී අප්‍රේල් 25 වැනි දා මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම සිදුකළ නොහැකි වනු ඇති බවත් , පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද මේ දක්වා නිසි පරිදි ලැබී නොමැති බවත් පවසයි .

මැතිවරණ කොමිෂන් සභාව පැවසූවේ , මැතිවරණ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සහ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් ගැන සාකච්ඡාවට පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද ඊට මෙතෙක් අවස්ථාව හිම වී නොමැති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...