මැතිවරණ අවිනිශ්චිතයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනි දා පැවැත්වීම දැඩි අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි . පවතින තත්ත්වය අනුව මැතිවරණය නියමිත දින පැවැත්වීම ගැටලු සහගත බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය .

2017 අංක 16 දරණ පළාත් පාලන මැතිවරණ පනතේ සඳහන් පරිදි දින වකවානු සලකා බැලීමේදී අප්‍රේල් 25 වැනි දා මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම සිදුකළ නොහැකි වනු ඇති බවත් , පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද මේ දක්වා නිසි පරිදි ලැබී නොමැති බවත් පවසයි .

මැතිවරණ කොමිෂන් සභාව පැවසූවේ , මැතිවරණ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සහ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් ගැන සාකච්ඡාවට පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද ඊට මෙතෙක් අවස්ථාව හිම වී නොමැති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...