Art ! මැහුමකින් එහා කතාවක්..

නූලකිනුයි ඉඳිකට්ටකිනුයි මහා විසාල නිර්මාණ කරන්න පුළුවන් කියන එක අමුතු දෙයක් නෙවේ. ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකක්ම බිහි කරන්ඩ මේ නූලටයි ඉඳිකට්ටටයි පුළුවන් වෙලා තියෙනවා. මේ මැහිල්ල කියන්නෙ එක්තරා විදියක ආර්ට් එකක්. ඇඳුම් විතරක් නෙවේ මේකෙන් මහන්නෙ. බිත්ති සැරසිලි , එක එක ජාතියේ ඕනමන්ට් පවා මේකෙන් කරන්න පුළුවන්. චිත්‍ර ශිල්පයයි ඇඟළුම් ශිල්පයයි කියන දෙකම එකතු උනාම  කොහොම වෙයිද? අන්න එහෙම සීන් එකක් ගැනයි baltimora අද ලියන්නෙ. මේක ලොකුම ලොකු කතාවක් නෙවේ. හැබැයි මේ වැඩේ පොඩි ත්‍රිල් එකක් තියෙනවා කියල baltimoraට දැනුණා. 

අපි දැකලා තියෙනවා රියැලිස්ටික් ආර්ට්ස්. මේ රූප ඇත්තටම ඇඳපු ඒවද කියලා හිතා ගන්න බැරි තරං රියැලිස්ටික් ඒවා. අන්න ඒ විදියෙ මැහුන් උනත් තියෙන්ඩ පුළුවන්. ඒ විදියට මහන්න නං මැහුම් ක්‍රමයක් තියෙනවා . ඒකට කියන්නෙ එම්බ්‍රොයිඩර් ක්‍රමය කියල. ඒ නමවත් වැඩේවත් අලුත් නෑ කියල baltimora දන්නවා. හැබැයි , මේ කියන වැඩේ ‘වෙන විදියෙ’ අලුත්කමක් තියෙනවා . අන්න ඒක තමා පොයින්ට් එක. 

එම්බ්‍රොයිඩර් ක්‍රමේ පටන් ගන්නෙ පළවෙනු ලෝක යුද්ධෙ කාලෙ. ඒ කාලෙ යුද්ධෙන් පට්ට ස්ට්‍රෙස් වෙලා හිටපු මධ්‍යම පැලැන්තියේ අයගෙ ඉඳන් උඩ ලෙවල්වල කට්ටිය තමන්ගෙ මයින්ඩ් රිලැක්සේශන් එකට මේ මැහුම් වැඩේ පටන් අරගෙන තියෙනවා. ඔය විදියට තමා මේක එක්සෙල් ලෙවෙල්  එකේ ව්‍යාපාරයක් බවට පත් වෙන්නෙත්. ඕකෙ ශෝට් හිස්ට්‍රිය ඕකයි. දැන් ආයෙ කතාවට. මේ රියැලිස්ටික් මැහුම් කරන්නෙ ජපන් කෙල්ලක්. එයා ඉන්ස්ටර්ග්‍රෑම් ආර්ටිස්ට් කෙනෙක් විදියට තමා ෆේමස්ම. Ipnot කියලා නමකින් තමා මෙයා ඉන්නෙ. Baltimoraගෙ ඇහැට දැනුණ නිර්මාණය තමා  මේ කෙල්ල මහන පීසා කෑල්ල. ඒ විතරක් නෙවේ මෙයා සුෂී රෝල්ස්, කැපචිනෝ , හොට්-ඩෝග්ස් , කුකීස් වර්ග එහෙමත් මහනවා. ඒවා ඉඳිකට්ටකිනුයි නූලකිනුයි කරන්න පුළුවන් ද කියලා පුදුම හිතෙන නිර්මාණ.  ඒ කලර් කොම්බිනේෂන් එක, ඒ ඉවසීම මේ ඔක්කොම ඒ නිර්මාණෙ අස්ස තියෙනවා. ඒ තරං රියැලිස්ටික් මැහිල්ලක් අවුට්පුට් එකක් විදියට එන්න නං මැහුම් ටෙක්නික් එක විතරක් දැනගෙන මදි. මේක හැබෑවටම පට්ට මැහිල්ලක් වෙන්නෙ ඒකයි. 

 BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...