ලුම්බිණි සාම මැරතන් තරගයේ තෙවන තැන අමිල ට

කොළඹ (LNW):බෞද්ධයන්ට අතිශයින් වැදගත් සිද්ධස්ථානයක් වන කපිලවස්තු පුර ලුමිබිණි සල් අයන ආශ්‍රිතව නේපාලයේ සංචාරක කර්මාන්තය නඟා සිටිවිම සහ ලෝක සාමය සහ සංවර්ධනය අපේක්ෂා කරන තරග ඉසව්වක් සේ ක්‍රියාත්මක කෙරෙන ලුම්බිණි සාම මැරතන් තරගය අප්‍රේල් හයවන දාට යෙදී තිබුණා.එරට ජාතික ඔල්මිපික් කමිටුව,මදන් බණ්ඩාරි ක්‍රිඩා ඇකඩමිය සහ ලුමිබිණි පළාත් ක්‍රීඩා සභාව එක්ව සිංවිධානය කරන්නට යෙදුණ මේ තරගය සඳහා නේපාලය රටවල් 207 ට ආරාධනා කළ බව එරට ජාතික ඔලිම්පික් කමිටු ලේකම් නිලේන්ද්‍ර රාජ් ශ්‍රෙස්ත්‍රා පවසා තිබුණා.



නමුත් තරගාවලියට ආරාධිත රටක් හැටියට ශ්‍රී ලංකාවද ඇතුළු විශාල රටවල් ප්‍රමාණයක් එක්ව සිටියා.ඒ අනුව අප්‍රේල් 6 වන දා මැරතන් තරගය පෙරවරු 7.00 ට කපිල්වස්තු හි තිලවුරාකොට් මාලිගයෙන් ආරම්භ වී ලුම්බිණියේ ශාන්තිදීප් වෙත ළඟා වීමෙන් අවසන් වෙද්දී එහි මුල්තැන දරන්නට නේපාලය නියෝජනය කළ කගේන්ද්‍ර බඳූර් බාට් සමත් වුණා.දෙවන ස්ථානය හිමි වූයේ නිරාන් බඩ්කාටයි.පිළිවෙලින් ඔවුන් දෙදෙනාට නේපාල රුපියල් ලක්ෂය සහ පනස් දහස බැඟින් හිමි වුණා.තෙවන ස්ථානය හිමි වූයේ ශ්‍රී ලංකාවේ අමිල සනත්ට යි.ඔහුට හිමි වූයේ රුපියල් විසිපන්දහසක මුදලකුයි.එය ශ්‍රී ලංකාවේ මුදලින් හැට දහසකට අධික මුදලක් වන්නේ මේ වන විට නේපාල රුපියලක් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් 2.44 ක් ගෙවීමට නියමිත නිසයි.



ලුම්බිණි පළාත් ආණ්ඩුකාර අමික් ෂර්චාන් මහතා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ජීවන් රාම් ශ්‍රෙස්තා මහතා විසින් ජයග්‍රාහකයින් වෙත පදක්කම සහ මුදල් ත්‍යාග බෙදා දුන් අතර සාමය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය නේපාලයේ වටිනාකම ලෝකයට කියන්නට මෙන්ම සාමය පදනම් කරගත් දර්ශනයක් ඉදිරිපත් කර ගෞතම බුද්ධ හා බැදුණු ඓතිහාසික සිහිවටන එරට සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙත සම්බන්ධ කර ගන්නත් මෙහිදී ක්‍රියා කළ ආකාරය වෙනත් රටවලට ද ඉතා වැදගත් සහ ආදර්ශවත් වූවා.
මේ සමඟ දැක්වෙන්නේ එම තරගාවලියේ ප්‍රධාන ජයග්‍රාහකයන්ට තිළිණ හිමි වූ අවස්ථාවන් සහ තවත් ඡායාරූප කිහිපයකුයි.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2028 වසරේදී ජනමත විචාරණයක් ?

2028 වසරේදී ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි ජාතික ජන බලවේග...

කොළඹ වරායට ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත චීන ආයෝජනයක් අහිමි වෙයි !

කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම...

කාවන්තිස්ස ඇතුට වෙඩිතැබීම : සැකකරුවකු අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන...

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...