PickMe සමාගම තම ගාස්තු පහළ දමයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ටැක්සි සේවා සැපයුම් වෙළඳපොළේ පාරිභෝගික ප්‍රමුඛත්වය තහවුරු කරමින් PickMe සමාගම, තම කුලීරථ කිලෝමීටරයක් සඳහා අය කරන ගාස්තුව රු. 68 දක්වා පහත දැමීමට කටයුතු යොදා ඇති බව නිවේදනය කර ඇත.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා ඒ පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.

“ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් මිල අඩු කිරීමේ වාසිය නොපමාව මගියා වෙත ලබා දෙනවා මෙන්ම, එහි වටිනාකම රියදුරන්ටත් ලබා දීමටත් අප කටයුතු කර තිබෙනවා. ත්‍රිරෝද රථ සඳහා රු. 100ක උපරිම ආරම්භක මිලක් සහ දෙවන කිලෝමීටරයේ සිට රු. 80ක මිලක් බලධාරීන් විසින් නියම කර තිබෙනවා. අපගේ කාර්යක්ෂම ඩිජිටල් සම්ප්‍රදාය හරහා රියැදුරන්ට පාරිභෝගිකයන් සොයා මාර්ගවල කාලය වැය කිරීම අනවශ්‍යයි. එනිසා අනෙකුත් ත්‍රිරෝද රථවලට වඩා ඉතා තරගකාරී මිලකට කුලී රථ සේවාවන් සැපයීමට අපට හැකියි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...