ජැක්සන් කළ සේවයට තුති.. ඒත් දැන් ඇති..

Date:

ජැක්සන් මොන තරම් රටට වටින කලා කාරයෙක් උනත් ඔහුත් දවසක මැරෙනවා!! දැනටමත් ඔහු බොහෝ දුරකට මිය ගිහින්… ඔහුට මේ තාක් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයෙන් දීපු අවස්ථාව ඔහු ලංකාවෙ කලාවට කල සේවයක් ලෙස සලකා දැන් ඔහුව එයින් නිදහස් කරා නම් මැනවි!!

මොකද ඔහු වගේම තමුන්ගෙ රටට , පවුලට වටින ඕනෙ තරම් මිනිස්සු මියයමින් සිටිනවා ජිවත් වීමට අවස්ථාව තිබියදී පවා!!

ජැක්සන් ඇන්තනී නෙමෙයි මයිකල් ජැක්සන් උනත් මේක දුගී දුප්පත් සිරි ලංකාව කියලා අමතක කරන්න එපා!

මෙහෙ ” අවස්ථාව ” කියන්නෙ රත්තරං හා සමානයි.

ජැක්සන් ඔබ කල සේවයට තුතී!!

නමුත් දැන් ඇති!!

ඔබව ජාතික රෝහලේ මැසිමකට සවි කර ඔබේ දරුවන් සු සැට අබරණින් සැරසී ටීවී ප්‍රෝගෑම් වල කැකිරි සිනා පලද්දි, ඇතැම් දරුවන් ලෝකෙ වටේ සවාරි යද්දි තවත් පියවරුන්ගෙ මව්වරුන්ගෙ දරුවන්” අවස්ථාවක් @ නොමැති කමින් ජිවිත බොහෝ ගණනකට සමු දෙන්නටත් ඇති..

මේ දුප්පත් රටට ඔබට මීට වඩා මිලක් ගෙවන්න අමාරුයි ජැක්සන්!!

ඔබේ දරුවන්ට අහැකියි මරණින් මතු ඔබව පාරාවො මමීයක් සේ සංරක්ෂණය කරන්නට. අපෙන් නැහැ එයට බාධාවක්!

ජාතික රෝහලේ දැඩි සත්කාරය ඔබට සදාකාලික උපහාරයකට තැනක් නොවේ ජැක්සන් !!

………. ජිවිත වලට ඉඩ දෙන්න!!

චාන්‍යා හේරත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...