අද කාලගුණ අනාවැකිය

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

ඒ අනුව, අද (12) දහවල් 12:11 ට මාන්කුලම්, පෙරියකුලම්, කුරටියාව, මොරවැව සහ මහදිවුල්වැව යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

එසේම අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වීය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ගෝලීය තොරතුරු යුගයේ...

රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් තවත් පියවරක් – ඔක්තෝම්බර් 01 සිට වෙන්න යන දේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ...

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් චාමික කරුණාරත්නට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : අධිකරණය හමුවේ පෙනී...

යෝෂිතට එරෙහි රු. මිලි. 59ක මුදල් විශුද්ධිකරණ නඩුවට අධිකරණය දිනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...