*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

සක්වල 29 වැනි අදියරෙන් හොරොව්පොතාන වීරසෝලේ මුස්ලිම් විදුහලට පරිත්‍යාගයක්

දැයේ දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණ කරගනිමින් ඇරඹි “සක්වළ” වැඩසටහනේ 29 වන අදියර ඊයේ (11) හොරුව්පතාන වීරසොලේ මුස්ලිම් මහා විද්‍යාලයේදී පැවැත්විණි.

එහිදී සුහුරු පන්ති කාමර සඳහා රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් වටිනා (රු. 924,000.00) ඩිජිටල් පරිගණක තිරයක් සහ නවීන පරිගණක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් එම විදුහලට පරිත්‍යාග කෙරිණි.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, රටේ අධ්‍යාපනය නූතනයට ගැලපෙන පරිදි සකස් නොවීම ඛේදවාචකයක් බවයි.

එය නූතනත්වයට ගැලපෙන ලෙස සකස් කිරීමට සමගි ජන බලවේගය සතුව වැඩපිළිවෙළක් පවතින බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මෙරට රජයේ පාසල් සියල්ල සුහුරු පාසල් බවට පත් කිරීම තම සිහිනය බවද කියා සිටි විපක්ෂ නායකවරයා, රටේ බෙදීම් රේඛාවන් ගණනාවක් ඇති බවත්, ආගම්, ජාතීන්, දුප්පත් පොහොසත් ලෙස ඇති මෙම බෙදීම්ද අවසන් කිරීම රටේ දිශානතිය වෙනස් කිරීමට හේතුවන බවද පෙන්වා දුන්නා.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan