කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු !

අවසන් වරට දේශීය වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ දැමීමෙන් පසුව, මේ වනවිට ජාත්‍යන්තර වෙළඳපොලේ කිරිපිටි මිලි 10% කින් ඉහළ ගොස් ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසන්නේ මේ නිසා යළිත් මිල ඉහළ දැමීමක් සිදුවිය යුතු බවයි.

මේ වනවිටත් දේශීය වෙළඳපොල තුළ දැඩි කිරිපිටි හිගයක් පවතින අතර එම හිගය මගහරවා ගැනීම සඳහා අවම වශයෙන් තවත් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවද ඔහු සඳහන් කරනවා.

ඩොලර් අර්බුදය හේතුවෙන් කිරිපිටි ආනයනකරුවන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. ඒ සිය ආනයන කටයුතු සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...