*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මැලේසියාවට ගංවතුර තත්ත්වයක්

දශක කිහිපයක් තුල පසුගියදා මැලේසියාවට බල පෑ දරුණුතම ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් දස දහස් ගණනක් අවතැන් වී ඇත.

පසුගිය සති අන්තයේ දින තුනක මහා ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රාන්ත අටක දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර නගර සහ ගම් අර්ධ වශයෙන් ජලයෙන් යට වී තිබේ.

පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අණාවැකි පල වේ.

පසුගිය සඳුදා වන විට ඇස්තමේන්තුගත පුද්ගලයන් 51,000ක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇත.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මැලේසියාවේ නැඟෙනහිර වෙරළ තීරයේ, දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රාන්තවලින් එකක් වන පහන්ග් ප්‍රදේශයෙන් පැමිණි අයයි.

ක්වාලාලම්පූර් අගනුවර පිහිටි ජනාකීර්ණ ප්‍රාන්තය වන සෙලන්ගෝර් ද දැඩි ලෙස පීඩාවට ලක් ව ඇත.

1971 මහා ගංවතුරෙන් පසු දක්නට නොලැබුණු මට්ටමේ ජල ගැලීමක් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සඳුදා වන විට වර්ෂාව බොහෝ දුරට පහව ගොස් තිබේ. මැලේසියානු රජය ව්‍යසනය සම්බන්ධයෙන් කටයුතු කල ඇල් මැරුනු ප්‍රතිචාර හේතුවෙන් මහජන කෝපය ද වර්දනය වී ඇත.

සෙලන්ගෝර්හි ගංවතුර ඉහළ යද්දී පවා එරටේ විශාලතම දේශපාලන පක්ෂ දෙකක් ඔවුන්ගේ වාර්ෂික රැස්වීම් පවත්වමින් සිටින්ට වූ බව එරට මාධ්‍ය වාර්තා කරන්නට විය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan