KGF තරු ‘යාෂ්’ චිත්‍රපට රූගත කිරීම් ලංකාවේ සිදුකිරීමට උනන්දුවෙන්!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ඉන්දියානු සිනමා තරුවක් වන නවීන් කුමාර් ගෞදා හෙවත් ‘යාෂ්’ නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු තම ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා හමුව ඇති අතර, තමාගේ ඇතැම් සිනමාපටවල රූගත කිරීම් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට උනන්දු බව ප්‍රකාශ කර තිබේ.

යාෂ් යනු ෆිල්ම්ෆෙයාර් සම්මාන තෙවරක් දිනා ගත් ඉන්දියානු කන්නඩ රංගන ශිල්පියකු වන අතර, ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ඉන්දියානු චිත්‍රපටයක් වන KGF හි රොකී භායි නම් චරිතයට පණ පෙවීමෙන් ය.

Photo: Yash Fans Network (Facebook)
Photo: Yash Fans Network (Facebook)
Photo: Yash Fans Network (Facebook)