සාමාන්‍යයෙන් හරෙකෙක් ඌරෙක් වගේ සතෙකුට සාපේක්ෂව රිලවෙක්ගෙන් වෙන හානිය බරපතල වැඩී. වල් අලියෙක් වල්ඌරෙක් උනත් හේනකට කුඹුරකට පැන්නොත් ආයේ හානිය ගැන කියන්න දෙයක් නැහැ. හැබැයි රිලවා ඊට වැඩිය දරුණුයි. සූක්ෂමයි.
ඒකට හේතුව අනික් සත්තුන්ට වඩා ඌට යම් කල්පනා ශක්තියක් තිබීම සහ සුහුරුවීම (smart). ඒ වගේම කුතුහලයක් පැවැතීම (curiosity). ඒ නිසා රිළව් තමන්ගේ පැවත්ම සාධනය කරගන්නවාට අමතරව උගේ සුහුරු ගතිය සහ කුතුහලය නිසාත් විශාල හානියක් කරනවා.
අනික දැන් දැන් මුං ජීවත් වෙන්නේ මිනිස්සු ආශ්‍රිතවමයි. අපේ දේම කාල අපිටම ගේම දෙනවා.
වාහනයක් නවත්වල තිබ්බොත් වල් අලියා ඒකට පාරක් දෙකක් ගහගෙන යන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් ඌ එන පාරෙන් ඒක අයින් කරලා තියන්න. හැබැයි රිළව් රංචුවක් වාහනයක් ලඟට ආවොත් එහෙම නෙවෙයි. කිසිම සද්දයක් නැතුව සයිඩ් කණ්නාඩි දෙකම කඩල, නැත්නම් ගලවල, සෙන්සර් ඇදල කඩල දානවා. ඒක උගේ ආහාර හෝ පැවැත්ම ගැන ප්‍රශ්නයක් නෙවෙයි. කුතුහලය ගැන ප්‍රශ්නයක්.
අලියෙක් හරකෙක් වගේ නෙවෙයි ඉතාම නිශ්ශබ්දව රිළවට එන්න පුළුවන්. උගේ ඇඟිලි නිසා ලොකු හානියක් කරන්නත් පුළුවන්. ප්‍රකෝපවෙන ලක්ෂණය නිසා හානි වැඩියි (aggressive behavior). අනික ඌ ඊළඟට මොකක් කරනවාද කියල පුරෝකථනය කරන්නත් බැහැ (unpredictable).
පොල් ගහකට නැංගොත් එක ගෙඩියක් බීල ඉතුරු ඔක්කොම කඩල දානවා. කුරුම්බා, ඇට්ටි, මල් ඔක්කොම බිම. ආයේ අවුරුද්දක් හමාරකට මුකුත් නැහැ. කොස් ගහකට නැංගත් එහෙමයි. සම්පුර්ණයෙන් සුද්ද කරනවා.
එක ගෙඩියක් දෙකක් කාල යනවනම් ගැටළුවක් නැහැ. නමුත් කනවට අමතරව විනාශ කරනවා. ඊට අමතරව ඌ චන්ඩිකම් පෙන්නනවා රැලේ උන්ට. ඒකට විඳවන්න ඕනිත් අර පොල් ඇට්ටි ටික.
වැටක් ගහල අගලක් කපල ඌරගෙන්, හරකගෙන්, අලියාගෙන් වගාවක් බේරාගත්තත් රිලවාගෙන් මුකුත් බේරාගන්න බැහැ.
විශේෂයෙන් කෑගල්ල රත්නපුර කළුතර වගේ දිස්ත්‍රික්ක වල ග්‍රාමීය දුප්පත්කම වැඩිවෙන්න රිළවුන්ගෙන් වන වගාහානිය බලපානවා.
කොහොමත් මිනිස් පැවැත්ම සහ සත්ව පැවැත්ම අතර භෞතික දුරක් නඩත්තු කරන එක හොඳයි.
ඒ නිසා මේ ඉන්න රිලා කැ#යො ටික චීනෙට නෙවෙයි ඕනි තූත්තුකුඩියකට ගෙනිහින් දාපල්ලා. ඒකට පරිසරවේදී උන් හරහට හිටිනවා නම් උන්ටත් වෝටර් මෙලන් බේත් දීපල්ලා. නැත්නම් උනුත් චීනෙට යවපල්ලා රිළව් එක්කම ඉන්න කියල.
අන්තිමට මාවෝගේ චිනෙත් පාඩමක් ඉගෙන ගන්නේ ලාංකික රිළවුන්ගෙන් තමයි. හැබැයි ඉතිං තමන්ගේ පැවැත්මට තර්ජනයක් වෙනවනම් චීනේ අපි වගේ හැරි හැරී හුරතල් වෙන්නේ නැහැ.
~ මහේෂ් හපුගොඩ
RN