ඩෙල්ෆ්ට් දකුණු මුහුදේදී නීතී විරෝධී ද්‍රව්‍ය රැසක් නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW:

දෙසැම්බර් මස 03 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හැටදහසක (160,000) පමණ තොගයක් සමඟ රූපලාවණ්‍ය සහ අත් ඔරලෝසු තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

එහිදී, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය විසින් ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැකකටයුතු උර 09ක් පරීක්‍ෂාවට ලක් කර තිබෙන බව වාර්තා වේ.

එම උරතුල තිබී නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හැටදහසක (160,000) පමණ තොගයක් සමඟ රූපලාවන්‍ය ක්‍රීම් හා දියර ඇතුළත් ඇසුරුම් 150ක් සහ අත් ඔරලෝසු 10ක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරෙන නාවික හමුදා භාරයට ගත් මෙම විදේශීය දුම්වැටි, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අත් ඔරලෝසු තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...