*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ලංකාව දැනට ඇති ණය ගෙවා, ලෝකයට ණය දෙන රටක් කරන්න රනිල්ට කාලය දෙන්න – වජිර

ශ්‍රී ලංකාව දැනට ඇති ණය ගෙවාදමා, ලෝකයට ණය දෙන රටක් බවට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දිගු කලක් රට පාලනය කිරීමේ අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“ණය ගත්තාම, ඒ ගත්ත ණය නිසි ආකාරව පාවිච්චි කළාම ණය නොගන්න රටක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී සඳහන් කරලා තිබෙන්නෙ මට දිග කාලයක් ඉඩදෙන්න, මම මේ රටේ ණයත් ගෙවලා මේක ණය දෙන රටක් බවට පරිවර්තනය කරන්නම් කියලා. ජාතික නායකත්වයක් ජනතාව සතුවෙලා තිබෙනවා. ඒ ජාතික නායකත්වයෙන් රට ගොඩගැනිය යුතුව තිබෙනවා. සියලු සංවිධාන ඒකරාශී කරගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. කිසිම සංවිධානයක් අතහැරලා මේ රට ගොඩගන්න බෑ. මේක ශ්‍රී ලංකාවට ලැබිලා තිබෙන අවසාන අවස්ථාවක්. වාසනාවට ජාත්‍යන්තරය හසුරුවන්න පුළුවන් නායකයෙක් ශ්‍රී ලංකාවේ හිටියා. එතුමාගෙන් ජාතිය ප්‍රයෝජන ගත යුතුව තිබෙනවා”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan