කොළඹ (LNW):
ඉන්ටනෙට් තිබ්බේ නැති 80 දශකයේ අපි ෆැෂන් කළේ එක්කෝ ඒ කාලේ බටහිර ගායකයන්ගේ ඇල්බම් කවර දිහා බලල.නැත්නම් සඟරා වල ෆොටෝ දැකල. සමහර වෙලාවට තරුණයා පත්තරේ එහෙම විලාසිතා කියල පිටුවක්ම තිබ්බා. ඒවත් බැලුවා. කෑලි ඇහුලුව.
අයි. ටී. එන්. ඒ කාලේ ඉංග්‍රීසි සින්දු දැම්ම නිසා එහෙමත් ෆැෂන් කෑලි සෙට් උණා. කොහොමත් අපේ ගායකයෝ නළුවෝ එහෙම අනුකරණය කරන්න තරම් ෆැෂන් කළේ නැහැ. කරපු ඒවත් හරිම ගොං.
ගොඩක් වෙලාවට අපිට ගැළපෙන විදියේ ෆැෂන් කෑලි තිබ්බේ ජෝජ් මයිකල් ළඟ (George Micheal). මයිකල් ජැක්සන් විලාසිතාමය (fashionable) උනාට ඒවා අපිට මෙහෙ ගිනි රස්නේ අඳින්න බැහැ.
බොරු කියන්නේ මොකටද ෆැෂන් කියන්නේ කොහොමත් අනුකරණයක්. අපේම ඒවා කියල දෙයක් තිබ්බේ නැහැ අපේ කාලේ. අනික බටහිර හැර වෙනත් ෆැෂන් තිබ්බ සහ තියෙන්න පුළුවන් සහ අපේම ඒවා කරන්න ඕනි කියල වගේ අදහස් ඒ වෙලාවේ අපේ ඔළුවල තිබ්බේ නැහැ.
අපේ පංතිවල කොල්ලෝ හිටිය එහෙම ෆැෂන් ෆලෝ කරපු. උන් එහෙ මෙහෙ ගිහිල්ල ටී ෂර්ට් කලිසන් කෑලි අහුලන් එනවා. අපි ගොඩක් වෙලාවට එයාලව ෆලෝ කළා. උන්ගෙන් ඇඳුම් ඉල්ලගෙන ඇන්ද. මාරු කර ගත්ත. එච්චර වියදම් කළෙත් නැහැ. ගොඩක් වෙලාවට අඩුවට තිබ්බ ඒවා තමයි ගත්තේ. අපි ඇඳුම් හොයපු කාලෙ අද ඔය කෑගල්ලේ ලොකුයි කියන ශ්‍රියාණි කාරය ෆැෂන් ගැන අහලවත් තිබ්බේ නැහැ
මට මේ අදහස ගැන සටහනක් දාන්න හිතුණේ ජාතික ජන බලවේගේ අනුර සහෝදරය දැන් ටිකක් අමුතු විදියට ඇඳුම් ටිකක් අඳින හන්ද. ඒක සමහර විට එයාගෙම තේරීමක් නොවෙන්න පුළුවන්. සමහර විට අනුර බ්‍රෑන්ඩ් එකක් විදියට මාකට් එකට දැමීමක් වෙන්නත් පුළුවන්. මෙතන දේශපාලන කතාව ගැන නොවෙයි කොහොමවත් මේ ලියන්නේ. මේක ෆැෂන් වලට විතරක් සීමා කරගන්න.
ටික කාලයක් ඇතුලේ මම අනුර සහෝදරයගේ ඉමේජ් (image building) එක ගැන අවධානෙන් හිටිය. ඉමේජ් එක දැක්කේ ගොඩක් යූ බටෙන්. ඒ දැකපු හැම වෙලාවකම ඩබල් පොකට් කමිසයක්, ටිකක් ඇඟට තද ඩෙනිමක් හෝ කොට්න් ජීන්ස් එකක්, බ්‍රෑන්ඩඩ් ලෙදර් සපත්තු සහ වොච් එකක් ඒ රූපයට අයිති උණා. හෙයා කට් එක සහ රැවුලත් පොඩ්ඩක් වෙනස් වෙලා වගේ තිබ්බ.
එයා වෙනම ෆැෂන් ඉමේජ් එකක් (පොලිටිකල් ඉමේජ් එකකට අමතරව) හැටියට ප්‍රවර්ධනය කරනවා කියල පේනවා. ඒක ටිකක් වෙනස් දෙයක්. බටහිර වටිනාකම් වල දේශපාලන උරුමකරු හැටියට අපි දන්නේ 1978 පස්සේ යූ. එන්. පී. එක උනාට ඒ වෙලාවේ ජේ ආර්, ප්‍රේමදාස, ගාමිණී, ලලිත් යන කිසිම කෙනෙක් ඒ විදියට තමන්ගේ ඉමේජ් එක දේශීය වශයෙන් ”බටහිර ලෙස” (westernized) ප්‍රවර්ධනය කළේ නැහැ එයාල ෆ්ලැට් විදියට ඇන්දේ සුදු කලිසම් සහ කමිස.
ඒ අතින් ඉමේජ් එකක් හැටියට දේශපාලනය ඇතුලේ මුල්වරට ප්‍රධාන ධාරාවේ කමිස කලිසම් වෙනසක් වෙන්නේ අනුර එක්ක. ෆැෂන් ඔස්තාර් මංගල වුණත් එහෙමට අවසාන කාලෙ ෆැෂන් කලේ නැහැ මම දැක්ක විදියට.
Mangala Sෆැෂන් ඔස්තාර් මංගල වුණත් එහෙමට අවසාන කාලෙ ෆැෂන් කලේ නැහැ ..
ඒ අනුව සංස්කෘතික දේශපාලනයේ උපරි ව්‍යුහයේ වෙනසක් මේ ‘අනුර ඉමේජ් එක’ එක්ක සිදුවෙමින් යනවා. ඒකෙ බුර්ෂුවා හැඩතල තියනවා කියල ඕනිනම් විවේචනයක් ගේන්න පුළුවන්. හැබැයි මම ආස නැහැ එහෙම ඒක දකින්න. මම කැමති ජාතික ඇඳුම, උඩුරැවුල එක්ක ගිරුවාපත්තුවේ දඩබ්බරයා බ්‍රෑන්ඩ් එකක් විදියට මාකට් වුණාට පස්සේ වෙස්ටන් ස්මාට් කැෂුවල් එකක් බ්‍රෑන්ඩ් වෙනවා දකින්න. මොකද ඒකත් පොලිටිකල්.
මට හිතෙන එකම දේ අනුර නිදහස් ලෙස ඒ ෆැෂන් කරන්නේ නැතුවා වගේ හැඟීමක්. අර කවුරු හරි මැනේජර් කෙනෙක් විසින් ”මෙහෙම කරමු අපි” වගේ එකකින් පාලනය වෙනවා වගේ හැඟීමක් මට එනවා. ඒක වැරදි වෙන්න පුළුවන්.
අනික අනුර කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි කියලත් අපි මතක තියාගන්න ඕනි.
බටහිර ගොඩක් මොඩල්ස්ලාගේ ප්‍රශ්නයත් ඉහත කිව්ව වෙනත් කෙනෙක්ගේ නියෝගයට යටත් වීම. කවුරු හරි ඒ වෙලාවේ ට්‍රෙන්ඩ් එක බලල කිරල මැනල ”මෙහෙම කරමු” කියන නිසා එහෙම කළාට එයාල පස්සේ කියනවා ”ඒ ඇත්ත මම නෙවෙයි” කියල. මෙන්න මේ සාන්දෘෂ්ටික දේ අනුරට වෙන්නේ නැත්නම් ඔය කිසිදෙයක් ප්‍රශ්නයක් කරගන්න ඕනි නැහැ.
ඒ ඇඳුම ඇඳලා කණ්නාඩිය ඉස්සරහට ගියාම ”අඩේ මේ ඉන්නේ මම ද” ”මේ මට ඇත්තටම ඉන්න ඕනි විදිය ද” කියන ප්‍රශ්නේ එන්නේ නැත්නම් මොනවා වුණත් කමක් නැහැ. සමහර විට එයා එයාගේ ආශාව කැපකරලා සංවිධානයේ අරමුණට අනුව හැසිරෙනවා වෙන්නත් පුළුවන්. ඒකත් එහෙමයි.
ෆැෂන් කියන්නේ යම් නිදහසක් කියන එක (වෙළඳපළ කතාව වෙනම එකක්). විශේෂයෙන් ෆැෂන් දෙවන ලෝක යුද්දෙන් පස්සේ මිනිස් නිදහස පිළිබඳ කතිකාවේ කොටසක්. ඇත්තටම ”නිදහස් ලෙස” අඳිනවා නම් එයාට අඳින්න ඕනි ෂර්ට් එක බ්‍රෑන්ඩඩ් ෂොප් එකක දැකල සෙට් වෙච්ච එකක් වෙන්නත් පුළුවන් නැත්නම් පමුණුවේ හදිසියේ දැකල සෙට් වෙච්ච එකක් වෙන්නත් පුළුවන්. තමන්ට ෆිට් නම් ඒක තමයි ඒ වෙලාවේ ෆැෂන් එක. ෆිට් නැත්නම් මොකා කිව්වත් වැඩක් නැහැ.
කොහොම දැක්කත් ඇත්තට සෙට් වෙච්ච එක අරන් අඳිනකල් ඉවසිල්ලක් නැති වෙන්න ඕනි. ඒකත් විශේෂයෙන් අනික් හාල් කෑලි ජීවිතේට දැක්කෙවත් නැති එකක් නම් පට්ට….
කොහොම උණත් තාම අනුර සහෝදරයා කරන ෆැෂන් ෆලෝ කරන්න තරම් ලෙවල් එකක් තවම සෙට් වෙලා නැහැ. ඉස්සරහට උණොත් බලමු.
මේ මට හිතෙන හැටි. ඔයාට ඕනි දේ ඔයා කරන්න!
මහේෂ් හපුගොඩ