සිව් දරු උපතක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කුරුණෑගල අටමුණේ ප්‍රදේශයේ පදිංචි මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී දරුවන් සිව්දෙනෙකු ප්‍රසූත බිහිකර තිබේ.

පිරිමි දරුවන් තිදෙනෙකු සහ එක් ගැහුණු දරුවෙකු මෙලෙස බිහිකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අතර , අලුත් උපන් දරුවන් සිව්දෙනා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් ඥාණරත්න පැවසීය.

නිවුන් දරුවන් බිහිකළ එම මව 30 හැවිරිදි වියේ පසුවන පාසල් ගුරුවරියකි. මෙලෙස බිහිකළ නිවුන් දරුවන් සිව්දෙනා රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.

දරුවන්ගේ පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...