ජලාශවල ජල මට්ටම පහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික විදුලි බල පද්ධතියට ජල විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.

එම ඉංජිනේරුවන් පවසන්නේ , කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 46 කින් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 60 ක් දක්වා (22) දින වන විට පහල බැස ඇති බවයි.

දැනට ඇති වියළි කාලගුණයත් සමග එම ජලාශ දෙකේම ජල ධාරිතාව 50% පවතින බවත්, මේ දිනවල පස්වරුවේ එම ජල පෝෂක ප්‍රදේශවලට පැයකට ආසන්න කාලයක් අධික වර්ෂාවක් පතිත වුවත්, එම වර්ෂාපතනය ජලාශ ජල මට්ටම ඉහල යාමට තරම් ප්‍රමාණවත් නොවන බවත් , කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ දෙකෙන්ම ලබා ගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාර වල විදුලිය උත්පාදනය කරන බවත් ඉංජිනේරුවන් වැඩිදුරටත් පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගුව ආදායම් වාර්තාව අලුත් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස්...

2026 අයවැයට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...

මෛත්‍රී අල්ලස් කොමිසමට යද්දී ගොඩහේවා CID යයි

කොළඹ LNW:හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ...

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...