ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කතා එපා – පොහොට්ටු මන්ත්‍රීන්ට තහනමක් !

Date:

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට එම පක්ෂයේ නායකයින් විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණයට තවත් වසරකට වැඩි කාලයක් ඇති බැවින් දැන්ම තබා අපේක්ෂකයින් පිළිබඳ අදහස් දැක්වීමෙන් ගැටලු මතුවීම මීට හේතුවී තිබේ.

ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර වැනි ඇමතිවරුන් පසුගිය දිනවල මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව ඉදිරිපත් කළයුතු බවට අදහස් දක්වා තිබීම තුළ පොහොට්ටුව අභ්‍යන්තරයේ යම් මතභේදාත්මක තත්වයක් උද්ගතව ඇතැයි යන්න රහසක් නොවේ. දැනටමත් කණ්ඩායම් දෙකක් වශයෙන් බෙදෙමින් පවතින පොහොට්ටුව මේ ඔස්සේ වඩාත් ගැඹුරු ලෙස බෙදීයාම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයින් පිළිබඳ ප්‍රසිද්ධියේ කතාකිරීමෙන් වැළකී සිටීමට මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...