බැසිල්ගේ IMF ප්‍රවේශයට කිසිසේත්ම බාධා නොකළ යුතුයි – රනිල්

Date:

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දරන උත්සාහයට කිසිසේත්ම බාධා නොකළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‍

එසේම වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ජාතික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය ද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ පෑ අවස්ථා තුනකදී, එනම් 1989, 2001 සහ 2015 දී තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර රටට කිසිදු අවාසියක් නොවන කොන්දේසි යටතේ ආධාර ලබාගත් බව සිහිපත් කර ඇති වික්‍රමසිංහ මහතා රට යළි ගොඩගැනීම සඳහා දීර්ඝ කාලීන සැලැස්මක අවශ්‍යතාවය ද අවධාරණය කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ පසුගිය 29 වනදා පුත්තලම ප්‍රදේශයේ පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...