බැසිල්ගේ IMF ප්‍රවේශයට කිසිසේත්ම බාධා නොකළ යුතුයි – රනිල්

Date:

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දරන උත්සාහයට කිසිසේත්ම බාධා නොකළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‍

එසේම වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ජාතික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය ද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ පෑ අවස්ථා තුනකදී, එනම් 1989, 2001 සහ 2015 දී තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර රටට කිසිදු අවාසියක් නොවන කොන්දේසි යටතේ ආධාර ලබාගත් බව සිහිපත් කර ඇති වික්‍රමසිංහ මහතා රට යළි ගොඩගැනීම සඳහා දීර්ඝ කාලීන සැලැස්මක අවශ්‍යතාවය ද අවධාරණය කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ පසුගිය 29 වනදා පුත්තලම ප්‍රදේශයේ පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...