මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි අපෙ හාමුදුරුවනේ – මහින්දානන්ද

වත්මන් ආණ්ඩුව පෙරළා අලුත් ආණ්ඩු පිහිටුවන්නට බලාගෙන සිටින බොහෝ දෙනෙකුට නුදුරේදීම පසුගිය ආණ්ඩු සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්වලට ලක්වීමට සිදුවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“ෆේස්බුක් එක බැලුවාම ජේවීපී එක නිකම් හරියට අනුර දිසානායක ජනාධිපති වෙලා. සජිත් ප්‍රේමදාස මහත්තයා බෙරිහන් දෙනවා ආයෙ ආණ්ඩු හදන්න කියලා. තමුන්නාන්සෙලාට මතක ඇති පහුගිය අවුරුදු පහේ මේ රටේ කරපු දේවල්. අවුරුදු පහක් මේ රට විනාශ කරලා, මේ රටේ සම්පත් දේපළ විකුණලා මේ රට නැතිභංගස්ථාන කරපු අය අද ආණ්ඩු හදන්න කතා කරනවා. ඔය සමාජ මාධ්‍යවල මොනවා කිව්වත් අපි ඉදිරි මාස හය – හත වෙනකොට අපි මේක අනිත් පැත්ත හරවනවා.

මේ ආණ්ඩුව මම නම් හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි අපෙ හාමුදුරුවනේ. තාමත් පහුගිය කාලෙ හොරුන්ට ගැහුවෙ නෑ. හෙට අනිද්දා වෙනකොට ඔය ආණ්ඩු ගන්න ඉන්න අය ගණනාවකට යන්න වෙනවා ඒගොල්ලො කරපු දේවල්වලට පිළිතුරු දෙන්න”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...