නව ත්‍රස්ත විරෝධි පනත පිළිබඳ මහජන අදහස් විමසයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ෂවයන්ගෙන් යෝජනා සහ අදහස් ලබාගැනීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළ අතර දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු ඕනෑම් පුද්ගලයෙකුට ඒ සඳහා අවස්ථාව හිමිවන බවද පවසයි.

මැයි මස 30 වන දින දක්වා ඒ සඳහා කාලය ලබාදෙන අතර සිය යෝජනා අධිකරණ අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ හැකි වන අතර එම යෝජනා සියල්ල සැලකිල්ලට ගනිමින් නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරි කටයුතු තීරණය කරන අතර ඊට පෙර සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

සියලුදෙනාට පිළිගත හැකි ආකාරයට නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළ අතර , රජය විසින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය දා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ අතර ඊට ඇතැම් පාර්ශවවල විරෝධතා එල්ල වුණි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පියවර ගනු ලැබූවේ, ඒ අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාවකාලිකව නතර කිරීමටයි .


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...

බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...