‘යුක්රේන හා රුසියා සාම මෙහෙයුම වෙනුවෙන් කළ යුතු සෑම දෙයක්ම කිරීමට මම සූදානම්’ – පාප් වහන්සේ

Date:

යුක්රේනය හා රුසියා අතර යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් වතිකානුව නිරන්තරව සාම මෙහෙයුමක නිරතව සිටින බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර තිබේ.

පාප්වහන්සේ හංගේරියාවේ තෙදින නිල සංචාරයකින් අනතුරුව වතිකානුවට එමින් සිටියදී මේ බව මාධ්‍ය වේදීන්ට ප්‍රකාශ කර තිබූ අතර උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් සහ බුඩාපෙස්ට්හි රුසියානු ඕතඩොක්ස් පල්ලිය නියෝජනය කරන බිෂොප්වරයෙකු වන මෙට්‍රොපොලිටන් හිලරියන් සමඟ තමන් යුක්රේනයේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු සාකච්ඡා කළ බවයි.

2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ දා සිට, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සතිපතා ප්‍රායෝගිකව සාමය සඳහා ආයාචනා කළ අතර, කියෙව් සහ මොස්කව් අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීමට නැවත නැවතත් කැමැත්ත ප්‍රකාශ කර ඇත. උන්වහන්සේගේ ආයාචනය මෙතෙක් කිසිදු දියුණුවක් ඇති කිරීමට සමත් වී නම් නොමැත.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...