පොළීසියෙන් පණිවිඩයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිනිසුන් ගමන් ගම්නා පදිකවේදිකා මත නොසැලකිලිමත් ලෙස රථවාහන නවතා දමා මැයි දින රැලි සඳහා සහභාගී වන පුද්ගලයින්ගේ රථවාහන ඇදගෙන යාමට පොලීසිය විසින් කටයුතු කරන බවත් , ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මහජනතාව මෙම රැස්වීම් සහ පෙළපාලි සඳහා පැමිණෙන වාහන පදිකවේදිකා මත නතර කරන්න එපා. මාර්ගය අවහිර වන ආකාරයට නතර කරන්න එපා. රථ වාහන නිලධාරීන් යොදවලා තියෙනවා. පදිකවේදිකා මත මාර්ගයේ අවහිර වන ආකාරයට වාහන නතර කරොත් අපිට එම වාහන ඉවත් කිරීමට සිදුවෙනවා. ඇදගෙන යාමට සිදුවෙනවා. එවැනි අවස්ථාවකදී ඒ ගාස්තු ගෙවන්න සිදුවෙනවා. ඒ සඳහා වන වියදම ගෙවන්න සිදුවෙනවා. ඒ වගේම ඒ වැරදි සම්බන්ධයෙන් අදාළ දඬුවමටත් ඒ රියදුරා ලක්වෙනවා. ඒ නිසා අපි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගය අවහිර වන ආකාරයට නොසැලකිලිමත්ව වාහන නතර කර දමන්නට එපා. සෑම රැස්වීමකට අදාළවම රථ ගාල් වෙන්කරලා තියෙනවා. ඒ රථ ගාල් තියෙන ස්ථාන වෙත යන මාර්ග රියදුරන් දැනුවත් කරලා තියන්න සංවිධායක මහතුන් විසින්. ඒ ආකාරයට කටයුතු කළොත් පැමිණෙන මහජනතාව අපහසුතාවයට පත්වෙන්නේ නැහැ. ඒ වගේම රථ වාහන තදබදයත් අපිට අවම කරගන්න පුළුවන්.”

මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වෙන කොළඹ, මහනුවර ඇතුළු ප්‍රදේශවල ආරක්ෂාව සහ රථ වාහන හැසිරවීම සඳහා 3,500ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති අතර රැස්වීම් සහ රැලි පැවැත්වෙන ප්‍රදේශවල මාර්ග මඟහැර ගමන් කිරීමෙන් මගී ජනතාවට වන අවහිරතා අවම කරගත හැකි බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...