යෞවනයා කණිෂ්ඨ සීමාවත් ඉක්මවා යමින් පදක්කමක් දිනයි

Date:

කොළඹ (LNW): උස්බෙකිස්තානයේ පැවති කණිෂ්ඨ යොවුන් මලල ක්‍රිඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම් පැස රිදී දෙකක් සහ ලෝකඩ දෙකක් බවට පත් වුණා.අයෝමාල් මීටර් 400 කඩුලු ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ තත්පර 51.40 ක දක්ෂතාවයක් දක්වමින්.එම කාලය මීටර් 400 කණිෂ්ඨ ආසියානු තේරීම් පරිසාධනය වන තත්පර 52.40 ඉක්මවා යාමක්.

කඩුල්ලක උස ප්‍රමාණයේ යම් පහතක් තිබුණ ද අයෝමාල් ගේ කාලය කණිෂ්ඨ බලාපොරොත්තුවක් සේ ගත හැකියි.දැනට පවතින තත්ත්වය හමුවේ ඔහු මෙන්ම ඔහු සමඟ පුහුණුවීම් කරන ධනුක දර්ශන සිටිනවා. ධනුක මේ වන විට මීටර් 400 කඩුලු ඉසව්වේ ශ්‍රී ලංකාවේ අංක එකේ රැදී සිටින ක්‍රීඩකයා වන අතර මොවුන් දෙදෙනාම පිටුපස සිටින යෝධ ශක්තිය වන්නේ “විදුලිපුර ටර්බයිනය” නමින් විරුදාවලි ලත් සුගත් තිලකරත්න නිර්මාණය කළ අනුර බණ්ඩාරයි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...