විදෙස් මුදල් රට පැන්නූ පස්දෙනෙකු අත්අඩංගුවට!

Date:

විදෙස් මුදල් මෙරටින් පිටතට රැගෙන යාමට තැත්කළ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය ඉකුත් සෙනසුරාදා (29) දින සමත්ව තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයෙන් ඩුබායි බලා පිටත්ව ගිය EK-649 දරණ ගුවන් යානයට ගොඩවීමට තැත්කිරීමේදී අදාළ සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, පෙරේදා දින රාත්‍රියේ මොවුන් ප්‍රශ්න කිරීම් වලට ලක්කිරීමට රේගු නිලධාරීන් කටයුතු කර ඇත.

අදාළ සැකකරුවන් සතුව රුපියල් මිලියන 25 ක වටිනාකමකින් යුතු විදෙස් මුදල් තොගයක් සොයාගෙන ඇත. ඒ අතර, ඇමරිකානු ඩොලර් 95,000 ක්, යුරෝ 18,000 ක් හා රියාල් 37,000 ක් තිබූ බවයි රේගුව පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවන බවයි රේගුව වැඩිදුරටත් පැවසුවේ.

මීට ඉහත අවස්ථාවක ඉකුත් ජනවාරි 20 වන දින මේ හා සමානම සිදුවීමක් වාර්තා වූ අතර, එහිදී විදෙස් මුදල් දිවයිනෙන් පිටතට රැගෙන යාමට තැත්කළ පුද්ගලයන් සතුව තිබී ඇමරිකානු ඩොලර් 22,300ක්, යුරෝ 63,500ක්, සෞදි රියාල් 292,000ක්, ස්ටර්ලින් පවුම් 8,725ක් සහ එක්සත් අරාබි එමීර් ඩිරාම් 75,000ක් සොයාගන්නා ලදී. එම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් මිලියන 42 පමණ වේ.

දිවයිනෙන් පිටත් ව යන පුද්ගලයකුට වරකට රැගෙන යා හැක්කේ ඕනෑම මුදල් ඒකකයක් හරහා උපරිම ඩොලර් 10,000 කට ගොනුකළ හැකි මුදලක් පමණක් වන අතර, තමා රැගෙන යන මුදලේ මුලු වටිනාකම ඩොලර් 5,000 ඉක්මවන්නේ නම්, එම අගය බලධාරීන් වෙන දැනුම් දිය යුතුය.

එමෙන්ම, දිවයිනට විදෙස් මුදල් රැගෙන ඒමේදී ඕනෑම ප්‍රමාණයක් රැගෙන ආ හැකි අතර, තමා රැගෙන එන මුදලේ මුලු වටිනාකම ඩොලර් 15,000 ඉක්මවන්නේ නම් එය ද රේගුවට දැනුම් දිය යුතුය.

රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මතුව ඇති විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ ම මෙවන් සිදුවීම් වාර්තාවීම කණගාටුවට කරුණකි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...