*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

රනිල් හමුවේ ඇති ඇත්ත අභියෝගය

මැයි දින පෙළපාලි සහ මැයි රැළිවලින් හදපු දේශපාලන උනුසුම ක්‍රමයෙන් පහව යමින් තියනවා. කොහොම උනත් මැයි දිනය පාවිච්චි කරගෙන දේශපාලන පක්ෂ රට ඉස්සරහා තම තමන්ගේ නමට හදාගන්න හදපු පෞරුෂයන් ඒ විදිහටම හදාගන්න කාටකාටත් බැරිවුනා.වැඩිම මහජන සහභාගිත්වයක් තිබුණේ ජවිපෙ මැයි රැලියට බව ඇත්ත.ඒත් ඒක ජවිපෙ ගහපු පම්පෝරිවල තරමට තිබුණේ නෑ.සියලු මැයි රැලි සහ පෙලපාලි දිහා බැලුවම ජන සහභාගිත්වයෙන් දහදාහේ සීමාව පනින්න පුළුවන් උනේ ජවිපෙට විතරයි.ජවිපෙ මැයි රැලියේ පිරිස් බලය ස්ථිර වශයෙන්ම පහලොස්දාහේ සීමාව පැන්නේ නෑ. අනිත් සියලු දෙනා හිටියේ තනි දාහේ ඉළක්කම්වල.

මේ පාර මැයි රැළියේදී ජවිපෙ විසින් ජාතික ජන බලවේගයේ හැව ගලවලා හංගලා තිබුණ බව පේනවා.ගිය අප්‍රියෙල් 25 වෙනිදා තියන්න තිබුණ පලාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් තරඟ කරන්න හිටපු ජවිපෙ එකවරම ජාජබය හැංගීම කාටත් ප්‍රශ්නයක් වෙලා.රටේ රාළට දිගටම කිවිවේ මැයි දිනයෙන් පස්සේ අපේ රටේ දේශපාලනයේ බරපතල වෙනසක් ඇති වෙනවා කියලයි.ඒකට හේතුව උනේ මැයි දිනය වෙනකොටත් රටට ඉදිරිපත් කරන්න පැහැදිලි වැඩපිලිවෙලක් රනිල්ට නොතිබීමයි.ඊළගට එතනින් එහාට යන වැඩපිළිවෙළක් ගැන කියන්න රනිල්ට හැකියාවක් නැතිවීමයි.මැයි දිනය වගේ දේශපාලන සන්ධිස්ථානයක් එහෙම පහුකරන්න අමාරුයි.රනිල් මේ දක්වා කියකියා ආපු කතා ගොඩක් මැයි දිනය වෙනකොට බල රහිත වෙලා ඉවරයි.සජබයෙන් විශාල පිරිසක් රනිල් එක්ක එකතු වෙනවා කියලා අවස්ථා කීපයක් දින වකවානු සහිතව කිව්වා.ඒත් මේ දක්වා කවුරුත් එකතුවෙලා නෑ.

ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ රනිල් එක්ක එන්න සජබේ ටීම් එකක් නෑ කියලා.ඇත්තටම ඉන්නවා හැබැයි එන්න තරම් විශ්වාස දායක සහ ආකර්ෂණීය වැඩපිලිවෙලක් රනිල්ට නෑ. පොහොට්ටුව ඇතුලේ රනිල්ට ඉන්න කණ්ඩායම හරි ඉලක්කයකට මෙහෙයවගන්න රනිල් අපොහොසත්වෙලා තියනවා.මැයි දිනයෙන් පස්සේ ඒ කණ්ඩායම තවත් දුර්මුඛ වෙන්න ඇති. ආණ්ඩුවෙන් ජාතික මැයි දිනයක් ප්‍රකාශ කරලා රනිලට පක්ෂපාතී බලවේග එක වේදිකාවකට අරන් පෙන්නන්න රනිලට තිබුණ අවස්ථාවත් දැන් ගිලිහිලා ගිහින් ඉවරයි.රනිල් ඉදිරිපත් කරලා තියන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් දැන් එක තැනක හිරවෙලා.මේ කාර්තුවේ විදේශ ප්‍රේරණවල සාපේක්ෂ වැඩි වීමක් තියනවා,බඳු ආදායමෙත් සාපේක්ෂ වැඩිවීමක් තියනවා.ඒත් අපිට ගෙවන්න තියන ණය පොලිය සහ රාජ්‍ය වියදම ගැන හිතද්දී තත්වය තවමත් අතිශයින්ම භයානකයි. රනිල්ගේ රාජ්‍ය ආයතන ප්‍රති ව්‍යුහගතකරණ වැඩපිලිවෙලත් ලත් තැනම ලොප්. ඇත්තට ඒකට හේතුව කොලේ වහලා ගහන්න හදන හින්දයි.රාජ්‍ය ආයතන සහ දේපල විකුණලා වියදම් පියවා ගන්න දරපු උත්සාහයත් තවම සාර්ථක වෙලා නෑ.

ඒකට හේතුව වෘත්තීය සමිතවල විරෝධයම නෙවෙයි.ඒ සදහා ආයෝජකයන් හොයා ගන්න බැරිවීමයි.ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භ වෙලා තිබුණත් තවම නිශ්චිත තීරණ සහිතව අවසන් වෙලා නෑ.රනිල්ට ප්‍රති ත්‍රස්ත පනත අකුල ගන්න සිද්ධවුනා.ඒ වගේම මහ බැංකු පනතත් ප්‍රශ්න සහගත එකක්.රනිල් හදුන්වා දෙනවා කියපු ජනසභා වැඩපිලිවෙලත් යන්නේ ඉබි ගමනේ. තවම ජනසභා පනතවත් සම්මත කරලා නෑ.2022 උසස් පෙල උත්තර පත්‍ර ඇගැයීම සම්බන්ධව රනිල් දාපු පාට් එක විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් එච්චර ගණන් ගත්ත බවක් පෙනුනේ නෑ.මේ සියලුදේ සිද්ධ වුනේ මැයි දිනයට ඉස්සෙල්ලා.ඒකයි රටේ රාළ කියන්නේ රනිල් මැයි දිනයට ආවේ හිස් අතින් කියලා.උත්තර නැතිව ආපු රනිල්ට අඩුම ගානේ උත්තර හදන්න පුළුවන් විශ්වාසදායි වැඩපිලිවෙලක් ජනතාව ඉස්සරහා තියන්නත් බැරිවුනා.මේ තත්වයන්ට උත්තර නොහදා 2048 ක් ගැන කතා කිරීම ඇත්තටම විහිළුවක්.

ඒකයි රටේ රාළ කියන්නේ රටේ රාජ්‍ය නායකයා විදිහට මැයි දිනය කියන දේශපාලන සන්ධිස්ථානය පහුකරගෙන යන්න රනිල්ට බැරිවුනා කියලා. සිද්ධවුනේ රනිල් එහා පැත්තට විසිවීම විතරයි. සමහරවිට දැන් කවුරු හරි අහයි ඇයි රනිල් IMF ණය ගෙනත් රට ස්ථාවර කළේ කියලා.නෑ රනිල් රට ස්ථාවර කළේ නෑ.හැබැයි රනිල් රට සන්සුන් කළා.ඒ වෙලාවේ හැටියට කරන්න පුළුවන් හොඳමදේ ඒක. ඒක රනිල් කළා.රටේ රාළ එතනදී රනිල්ට දෙන්න ඕනි වටිනාකම කිසිම පැකිලීමක් නැතිව දුන්නා. හැබැයි දැන් අපි ඉන්නේ ඒ සන්ධිස්ථානයේ නෙවෙයි.ඒක පහුකරලා දැන් ගොඩක් කල්.දැන් රට ඉස්සරහා තියෙන්නේ අලුත් අභියෝගයක්.ඒ අභියෝගයට මුහුණ දෙන්න අලුත් වෙන්න බැරි නං රනිල්ටත් වෙන්නේ රාජපක්ෂලා වගේ ඉතිහාස පම්පෝරිය ගගහා ඉන්න තමයි.රාජපක්ෂලා යුධ පම්පෝරිය තවම ගහනවා.ඒ වගේම රනිල්ටත් රට සන්සුන් කරපු පම්පෝරිය තියනවා.ඕනි නං ඒක කියව කියව ඉන්න පුළුවන්.

දැන් තියන තත්වය අනුව එක දෙයක් පැහැදිලියි.මෙතනින් එහාට රනිල් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්නේ නෑ.ජාතික ආණ්ඩුවක් හදන්නෙත් නෑ.රටේ රාළ කියන ජාතික එකඟතා ආණ්ඩුවක් හදන්නෙත් නෑ.රනිල් හදන්නේ මෙහෙමම ඉස්සරහට යන්න.රනිල් එහෙම හිතුවට ඇත්තටම ඒක කරන්න බෑ.ඒ ගමනට බරපතල සීමා හැදෙනවා.රනිල් මෙහෙම ඉස්සරහට යන්න හදනවා නම් වෙනදේ රටේ රාළ කියන්නම්.සරලව කිව්වොත් රනිල් මේ ගමන නං ජනාධිපතිවරණය දක්වා යන්න හිතාගෙන ඉන්නේ,ඒ න්‍යාය පත්‍රය අනිවාර්යයෙන්ම අවුල් වෙනවා. සමහරවිට රනිල් මෙහෙම හිතනවා ඇති.මොනවා උනත් අවසානයේදී පොහොට්ටුවට රනිල්ගේ සහයට එන්න වෙනවා කියලා.මොකද රාජපක්ෂලා දන්නවා රනිල්ගෙන් පිට විපක්ෂයේ අපේක්ෂකයෙකුට ජනාධිපති පුටුව ගියොත් ඒක එයාලට මාරාන්තිකයි කියලා. හරියට නීතිය ක්‍රියාත්මක උනොත් එයාලට ඉන්න වෙන්නේ ඇතුලේ. ඒක නිසා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි රාජපක්ෂලාට රනිල්ගේ පැත්ත ගන්න වෙනවා.

රටේ රාළත් හිතනවා රාජපක්ෂලාට චාන්ස් එක එන්නේ නැත්නම් එයාලගේ ඊළග තේරීම වෙන්නේ රනිල් කියලා.හැබැයි මෙතනදී මේ සටන වෙන විදිහට කැරකෙන්න ඉඩ තියනවා.ඒ කියන්නේ රටේ ආර්ථික අර්බුදයට උත්තරයක් හොයන විදිමත් දේශපාලන ක්‍රියාවලියකට රනිල්ට අවතීර්ණ වෙන්න බැරි උනොත් නිශ්චිතව එක කාරණයක් වෙනුවෙන් විපක්ෂයේ පොදු එකඟතාවයක් හැදෙන ඉඩක් නිර්මාණය වෙනවා.ඒ ඔක්කොටෝම ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණයකට යමු කියන එකඟතාවයයි.නව ජනවරමක් සහිත ආණ්ඩුවක් කියන සටන් පාඨයත් එක්ක විපක්ෂයට එකතු වෙන්න පුළුවන්.මොන ප්‍රශ්න තිබුනත් ජවිපෙ සහ ජාජබය එතනට එකඟයි.ඒ වගේම ඒ සටන් පාඨය වටේට ගොඩනැගෙන මහජන බලයත් එක්ක විපක්ෂයේ සෙසු පක්ෂත් එතන හිටගන්න එක නවත්තන්න බෑ.මොකද ආයෙත් මේ ආණ්ඩුවට පක්ෂපාතීව මහජන බලයක් ගොඩනැගෙන්න ඉඩක් ඇත්තේම නෑ.

මහජන උද්ඝෝෂණය එතනට පෙල ගැහුනොත් රනිල්ට සහ පොහොට්ටුවට පාර්ලිමේන්තු බලය පවත්වාගෙන යන්න පුලුවන් වෙයිද කියන ප්‍රශ්නය එනවා.ඒ වගේ තත්වයක් තුල අනිවාර්යයෙන්ම පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ බහුතරය රදවා ගන්න බෑ.එලියේ ගොඩනැගෙන මහජන බලය වගේම රටේ රාළ දන්න විදිහට පොහොට්ටුවේ සැලකිය යුතු ස්ථරයක් රාජපක්ෂලා ගැන කළකිරීමෙන් ඉන්නේ.රනිල් හරහාත් එයාලට උත්තරයක් හැදෙන්නේ නැත්නම් එයාලා විපක්ෂය දිහා බලන එක අහන්නත් දෙයක් නෙවෙයි.එහෙම උනොත් මේ රටේ බල සංයුතියේ විශාල වෙනසක් වෙනවා.එතකොට රනිල්ට වෙන්නේ මේ අවුරුදු දෙක අමාරුවෙන් අවසන් කරලා ගෙදර යන්න.හැබැයි රනිල් ජනාධිපති ධුරයෙන් අයින් වුන දවසට රනිල්ට රාජපක්ෂලා ආරක්ෂා කළා කියලා චෝදනාවට මුහුණ දෙන්න වෙන එක නවත්තන්න බෑ වගේම ඒ චෝදනාවෙන් බේරෙන්න රනිල්ට මොකුත් ක්‍රමයක් නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan